
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම පුලිච්චාකුලම ප්‍රාදේශයෙ ඉස්සන් ගොවිපොළක සේවය කරමින් සිටි තරුණයකු ඉස්සන් ටැංකියකට ඇද වැටි මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වව්නියාව විශ්වමඩු සුන්දිමඩු ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු වන වසන්තම් දර්ශන් නැමති අයෙකු බව කියයි.
මෙම තරුණයා පුලිච්චාකුලම ඉස්සන් ගොවිපලේ කම්කරුවෙකු ලෙස කලක් සේවය කර ඇති බව කියයි.
මෙම තරුණයා අපස්මාර රෝගීයකු බවත් 19 දින ඉස්සන් සදහා ආහාර ලබා දීමට යාමේදි අඩි තුනක් පමණ ගැඹුරු ටැංකියට ඇද වැටි ඇත්තේද අපස්මාර රෝගී තත්වයක් හදිසියේ ඇති විමේන් බවට පොලිසිය මේ වන විට සිදුකල පරික්ෂණ වලින් අනාවර වී ඇතැයි කියයි.
මෙම තරුණයා ඉස්සන් ටැංකියට වැටෙනු කිසිවෙක් දැක නැති බවත් ඔහු ඉස්සන් ගොවිපල තුළ නොමැති විම නිසා සොයා බලමින් සිටියදි ඉස්සන් ටැංකියෙ ඔහුගේ සිරුර තිබු සොයා ගත් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ කනගාටුදායක පුවතක්. ගොවිපොලේ අයට ඔහුගේ රෝගය සම්බන්ධ කියලා නැතුව ඇත්තේ ඔහුට රැකියා අහිමි වෙයි කියන බයට වෙන්න ඕන . හොඳින් ජීවත්වීමට උත්සාහ කළ තරුණයෙකුගේ සෝචනීය අවසානයකි . ඔහුට නිවන් සුඛ පතමි.