(සුජිත් හේවාජුලිගේ)
රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍ය ව්‍යවසාය ආයතන මින් පසු හිතුමතේ සේවකයන් බඳවා ගැනීම් සහ වැටුප් වැඩි කිරීම් දීමනා ආදිය ලබාදීම නොකළ යුතු බවට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ සමාගම්වල සභාපතිවරුන්ටය.මූල්‍ය කළමනාකරණයේ පියවරක් ලෙස මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පළාතේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. විගණන විමසුමක් ද තිබෙනවා. සියල්ල යටගසා තිබෙනවා. මමයි පැමිණිලි කලේ අල්ලස් කොමිසමටම. කථාව ගොඩක් දිගයි. මේකේ ලියන්න බැහැ. රට බංකොලොත් කරන්නත් ඒවා බොහෙමින්ම බලපෑවා. අදටත් මාසයකට ලක්ෂ ගාණක අයුතු අලාභයක් රජයට සිදුවෙනවා. සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සම්පූර්ණ කර නොතිබියදී සහ පත්වීම් බලධරයා ගේ අනුමැතියක් තොරව දකුණු පළාතේ පරිපාලන සේවයේ නියුතු බොහෝ පිරිසක් වැඩි වැටුප් ලබා ගන්නවා. මේ පැමිණිල්ල විභාග කිරීම ඉක්මන් කළ යුතුයි. මා ලග සියලු තොරතුරු ඇත. විගණන වාර්තාද ඇත. ඉස්සරහට වෙන එක නවත්තන්න කලින් වෙච්චි දේවල් දැන් නවත්වන්න.
මේවට චකලේඛ ඕන නැහැ. ඒවා බොරු වැඩ. දකුණු පළාතේ අය අධිකරණ තීන්දුවත් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා අනීතිකව ලබාගත් මුදල් නැවත නෛතික පොලිය සමග අය කරගන්නයි ඕනෑ. මම අල්ලස් කොමිසමට අංග සම්පූර්ණ පැමිණිල්ලක් කරලයි තියෙන්නේ. ඇයි මොවුන් දන්නේ නැද්ද? වැටුප ගන්නකොට ඒක නීති විරෝධී වැරැදි වැඩක් කියලා. කරපු අයට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. බොරැ චකලේඛ අවශ්‍ය්‍ය නැහැ. පැමිනිල්ල හරියට විභාග කරලා අවශ්‍ය දඩුවම දෙන්න. මේ රටේ දේශපාලකයෝ එච්චර හොරකම් කරලා නැහැ. දකුණේ ආණ්ඩුකාරයා කරන්නේ මේ තක්කඩි ටික ආරක්ෂා කරන එක. මම ඕනෑම වේලාවක රජය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මම ලංකාවේ පුරවැසියෙක්. ඇයි අල්ලස් කොමිසම වුනත් මම කියන ඒවා ගණන් ගන්නේ නැත්තේ. මම තමයි මේ ගැන කථා කරපු පළමු පුරවැසියා. මම මහා භාණ්ඩාගාරයටත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටත්, කළමනාකරන විගණන අධ්‍යක්ෂ වෙතත් නියමෙටම පැමිණිලි කරලයි තියෙන්නේ... දැන් ඉතිං වැඩේ පටන් ගන්නයි තියෙන්නේ...
හිතුමතේට ඕටී, උත්සව දීමනා, බෝනස්, සංචාර වගේ ඒවත් බෑ. ඒවාටත් පූර්ව අනුමැතිය අත්‍යාවශ්‍ය කරන්න.
වසර 10 සිට දකුණු පළාතේ පරිපාලන සේවයේ නිලධාරීන් ගත් සියලු වැටුප් නැවත සමාලෝචනය විය යුතුයි..