
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය , සූරියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ අවිවාහක පුද්ගලයෙකු විශාල පස්කන්ඩියකට යට වී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ සූරියගොඩ පන්විලවත්තේ පියදාස (73) නැමැති අවිවාහක පුද්ගලයෙකි.
මරණකරු එම පස්කන්ඩියට යටවී දින කිහිපයක් සිටින්නට ඇති බව පවසන පොලිසිය දින කිහිපයක් ඔහු පෙනෙන්නට නොමැති වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් සිදු කළ සොයා බැලීමේදී නිවස අසල තිබූ විශාල පස්කන්ඩියක් කඩා වැටී තිබෙන අයුරු දැක එහි පස් ඉවත්කොට සොයා බැලීමේදී ඔහු ඒ තුළ මියගොස් සිටියදී හමුව තිබේ.
මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව භූමදාන කටයුතු සඳහා පවුලේ ඥාතීන්ට භාරදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd