දුම්වැටි සමඟ සිව් දෙනකු ගුවන්තොටේදී හසුවෙයි
රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු සමග ඊයේ සහ අද (18) යන දෙදින පැය 12 ක කාළයක් තුළ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ