
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පැවැත්විණි.
පසුගිය සමයේ විවිධ හේතු නිසා විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාද වීම සහ නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ආචාර්යවරුන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයෝ ජනාධිපතිවරයා දැනුවත් කළහ.
එම උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් ඒවා හැකි ඉක්මනින් අවසන් කිරීමටත්, එකතු වී ඇති කාර්ය කාර්යක්ෂමව ඉටු කිරීමටත්, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමටත් අදාළව සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැනුම් දුන් අතර, එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
එමෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ඔවුන් විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමත්, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය පී.ආර්. වීරතුංග, ලේකම් චාරුදත්ත ඉලන්ගසිංහ යන මහත්වරු ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්දෙට කලින් නම් හැම එහෙකටම සැළසුම් තිබ්බා. විසඳුම් තිබ්බා. දැන් ඉතින් කියන්න තියෙන්නේ " පුරුදු පාරේම අදත් යනවා. එහෙත් වෙන ගමනක්...
විවිධ හේතු නිසා පාඨමාලා ප්‍රමාද වීම්. හූම් ඇත්ත තමා. රනිල්ගේ කාලේ එක දිගට මාස ගානක් වර්ජන කරලා කැම්පස් වහන් හිටියේ කවුද මන්දා...
ඇදුරන් දිහා බලන හරිනි නෝනාගේ බැල්ම තමයි බැල්ම. අගමැතිනිය දන්නවා මෙයාලාගෙන් ඇත්තටම සේවයක් වෙන්නේ නෑ කියලා. අනෙක, ළඟපාතක ඡන්දයක් වත් නැති නිසා මෙයාලා ගැන කරදර වෙන්න ඕනෑ නෑ... ජනපති සහෝදරයා...
මේ රටේ ජනාධිපතිතුමා මේ ගැටලුවට මුහුණ දෙන්නේ මෙහෙමයි. UGC එක කොහේ හරි ඉන්නවා, නමුත් ඔහු FUTA එකට උපදෙස් දීලා කියනවා උපාය මාර්ගයක් හදන්න කියලා. FUTA කියන්නේ වෘත්තීය සමිතියක්. මොන රටක්ද?
කලිනුත් රට යන ආචාර්යවරු එන්නේ නැතිව ගියාම දේශකවරු හිඟවෙනවා තමයි. ඒත් මෙතැන නොකියන කතාවක් තමයි සමහර ආචාර්යවරුන් මාසෙකට සරසවියට දවස් කීයක් ඇවිල්ලා දේශන කරනවාද කියන එක. හොයලා බලන්න... එයාලා ඒ නොඑන දවස් වල කොහේද ඉන්නේ? කාලසටහනේ තමන්ගේ දේශනය අදාළ කෙනාමද කරන්නේ... නැත්නම් නවක දේශකවරුන්ද කියලා. දැන් අලුතෙන් එන තරුණ දේශකවරු මේ වගේ අසාධාරණ කම් ඉවසන්නේ නෑ. අයින් වෙලා යනවා. ඉතින් ඒ නිසා හැමදාම අලුතින් බඳවා ගන්න කියලා ඉලක්කම් පෙන්වනවා. නැත්නම් තමන්ගේ දේශනය කරවන්න අලුත් අය කොහොමද හොයා ගන්නේ නේද...