(රවින්ද්‍ර ලියනගේ)
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්දයෙන් සැකපිට ගුවන් හමුදා භටයකු වැල්ලව තණමල්ගම ප්‍රදේශයේදි අද (20) දා සවස අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශය කියයි.
හෑෂ් මත් ද්‍රව්‍ය ග්‍රැම් 500 යි මිලි ග්‍රෑම් 11 ක් සමග පසුගිය 17 දා වෙන්නප්පුවේදි අත්අඩංගුවට ගත් 35 හැවිරිදි කාන්තාවකගෙන් අනාවරණය කරගත් තොරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය කල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලබා ගෙන සැකකරුගේ නිවසට ගෙනවිත් නාගොල්ලාගම දිගන්කෝන්වැව පදිංචි සැකකාරියගේ නිවසට ගෙනවිත් බාර දි ඇති බව පොලිසිය කියයි.
සැකකාර ගුවන් හමුදා සෙබලා විසින් සැකකාර කාන්තාවට ලබා දෙන මත්ද්‍රව්‍ය මිගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට ගෙන ගොස් බාරදිමට කටයුතු කර ඇති බවට අනාවරණය වි ඇත.
ඒ අනුව එම පුද්ගලයාද අත් අඩංගුවට ගැනිමට පොලිසිය විමර්ශණය සිදු කරමින් සිටි.
පාලවිය ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන ගුවන් භට සෙබලා හිරියාල අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකි.
සැකකාර ගුවන් බට සෙබලා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මත්ද්‍රව්‍ය ජාවාරමක හමුදා භටයෙක් අල්ලයි