IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උඩරට දුම්රිය ධාවනය බදුල්ල-මහනුවරට සීමාවෙයි

(ප්‍රසාද් රුක්මල් )

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බදුල්ල සහ මහනුවර දක්වා පමනක් සීමාකර   ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය අද (20) පැවසීය .

කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (20) පෙරවරු 5.55 ට ධාවනය වීමට නියමිතව තිබූ පොඩිමැණිකේ දුම්රිය ,පෙරවරු 8.30ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1015 උඩරට මැණිකේ දුම්රිය , සහ පෙරවරු 9.45ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ධාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි .

බදුල්ල සිට ඊයේ (19) රාත්‍රි මහනුවර දක්වා පැමිනි අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් ආපසු හරවා අද (20) පෙරවරු 8.55 ට අංක 1005 දරන  පොඩි මැණිකේ දුම්රිය ලෙසට බදුල්ල බලා ධාවනය කරවූ බවත් , මීට අමතරව මහනුවර සිට අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රිය සහ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීය .

මීට අමතරව මහනුවර සිට බදුල්ල බලා අලුයම 4.10ට  ධාවනය වන අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (20) දිනයේ නානුඔය දක්වාත්, බදුල්ල සිට මහනුවර බලා පෙරවරු 11.40 ට ගමන් ආරම්භ කරන අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමනක් ධාවනය වන බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 8.50ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1006 දරන පොඩිමැණිකේ දුම්රිය සහ බදුල්ල  බණ්ඩාරවෙල අතර ධාවනය වන අංක 1232 දරන කැලිප්සෝ සංචාරක දුම්රිය අද (20) දිනයේ ධාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය 

බදුල්ල දුම්රිය ස්ථානයෙන් අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය අලුයම 5.50ට සහ අංක 1028 දරන ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය පෙරවරු  7.40ට මහනුවර බලා ධාවනය වූ බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කර සිටියේය .

උඩරට දුම්රිය මාර්ගයේ ඉහල කෝට්ටේ සහ  කඩිගමුව අතර දුම්රිය මාර්ගය අධික වර්ශාවත් සමග නායයාම මෙන්ම මහනුවර කොළඹ කොටුව සීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය ඉහල කෝට්ටේ ප්‍රදේශයේ දී පස්කන්දකට හසුව සිරවී පිලීපැනීමට ලක්ව තිබිමෙන් මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබේ.

 

 



අදහස් (0)

උඩරට දුම්රිය ධාවනය බදුල්ල-මහනුවරට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site