
(අංජුල මහික වීරරත්න)
අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලව ජනතාව නව බලාපොරොත්තු අත දරා සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දීපාවලි සුබ පැතුම් පණිවිඩයෙන් කියයි.
අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.
දීපාවලි උත්සවය සමරන ලෝකවාසි හා විශේෂයෙන් ම ලංකාවාසි සියලු හින්දු භක්තිකයන් වෙත මාගේ ශුභාශිංසන එක් කරනු කැමැත්තෙමි.
දීපාවලි උත්සවය තුළින් අඳුර නසා ආලෝකයේ උදාව සිදුවීම සංකේතවත් කරයි.
අද වන විට ශ්‍රී ලංකාව සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින අතර, දීර්ඝ කාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇති ව තිබූ අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක් ලෙස මෙකී කාල පරාසය හැඳින්විය හැකිය.
ජනතාවගේ ප්‍රගමනය සහ නව යුගයක ඇරැඹුම ඒකාබද්ධ ප්‍රයත්නයක් තුළින් අප අරඹා ඇත්තෙමු.
මෙවර දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි ප්‍රාර්ථනය කරමි. අප සියලු දෙනා සංස්කෘතික බහුවිධතාවයේ වටිනාකම් ගැන අවධානය යොමු කර ගෞරවය, පිළිගැනීම සහ සහෝදරත්වයෙන් යුතුව අත්වැල් බැඳගනිමු.
ගම් දනව් සිසාරා දල්වන දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන්, සියලු ලංකාවාසින්ගේ සිත් තුළ විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි ප්‍රාර්ථනය කරමි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මේ ජනතාව අන්ධකාරයෙන් ගැලවෙන යුගයයි
ගුණරත්න Monday, 20 October 2025 08:59 AM
බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයෙන් චීන ක්‍රමයේ තනි පක්ෂ ඒකාධිපතිවාදයට යාම අන්ධකාරයෙන් ගැලවීමක් වෙන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නැහැ.
පම්පෝරියා Monday, 20 October 2025 09:43 AM
රැල්ලට යන ගොං ඉන්න රටක එළිය පලවා අඳුර තමයි ගලාගෙන එන්නෙ
අරුණි Monday, 20 October 2025 11:19 AM
වැඩක් නැති හිස් වචන විතරයි. බලයෙන් පහවෙනතුරුම ප්‍රායෝගික සැලසුම් කිසිවක් නැති වචනම විතරයි.
Toni Monday, 20 October 2025 03:10 PM
මේවා කොහේද දන්නේ නැහැ කියන්නේ... ඔව් ඉතින් කඩේ යන මීහරක්ට තමයි අමතන්නේ...