
(අංජුල මහික වීරරත්න)
අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලව ජනතාව නව බලාපොරොත්තු අත දරා සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දීපාවලි සුබ පැතුම් පණිවිඩයෙන් කියයි.
අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.
දීපාවලි උත්සවය සමරන ලෝකවාසි හා විශේෂයෙන් ම ලංකාවාසි සියලු හින්දු භක්තිකයන් වෙත මාගේ ශුභාශිංසන එක් කරනු කැමැත්තෙමි.
දීපාවලි උත්සවය තුළින් අඳුර නසා ආලෝකයේ උදාව සිදුවීම සංකේතවත් කරයි.
අද වන විට ශ්‍රී ලංකාව සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින අතර, දීර්ඝ කාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇති ව තිබූ අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක් ලෙස මෙකී කාල පරාසය හැඳින්විය හැකිය.
ජනතාවගේ ප්‍රගමනය සහ නව යුගයක ඇරැඹුම ඒකාබද්ධ ප්‍රයත්නයක් තුළින් අප අරඹා ඇත්තෙමු.
මෙවර දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි ප්‍රාර්ථනය කරමි. අප සියලු දෙනා සංස්කෘතික බහුවිධතාවයේ වටිනාකම් ගැන අවධානය යොමු කර ගෞරවය, පිළිගැනීම සහ සහෝදරත්වයෙන් යුතුව අත්වැල් බැඳගනිමු.
ගම් දනව් සිසාරා දල්වන දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන්, සියලු ලංකාවාසින්ගේ සිත් තුළ විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි ප්‍රාර්ථනය කරමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයෙන් චීන ක්‍රමයේ තනි පක්ෂ ඒකාධිපතිවාදයට යාම අන්ධකාරයෙන් ගැලවීමක් වෙන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නැහැ.
රැල්ලට යන ගොං ඉන්න රටක එළිය පලවා අඳුර තමයි ගලාගෙන එන්නෙ
වැඩක් නැති හිස් වචන විතරයි. බලයෙන් පහවෙනතුරුම ප්‍රායෝගික සැලසුම් කිසිවක් නැති වචනම විතරයි.
මේවා කොහේද දන්නේ නැහැ කියන්නේ... ඔව් ඉතින් කඩේ යන මීහරක්ට තමයි අමතන්නේ...