IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෝටි 10ක මත්පෙති වවිනියාවේදී අල්ලයි

 

(  සිතුම් චතුරංග)

කරවල ප්‍රවාහනය කරන මුවාවෙන් කැබ් රථයක සඟවා පුත්තලම කල්පිටියේ සිට වවුනියාව දක්වා රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුත් මත්පෙති තුන්ලක්ෂ පනස් නවදාහක් රැගෙනයමින් සිටි පුද්ගලයකු ඊයේ (19) වවුනියාව මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ දූෂණ මර්දන අංශය හා මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබුණ තොරතුරක්මත සිදුකළ වැටලීමකදී සැකකරු සහ මත්පෙති රැගෙන ආ කැබ් රථය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

වවුනියාවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවෙත ලබාදීම සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ඇති බවට අනාවරණයවූ බවත් පොලිසිය සඳහන් කළේය.

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම මත්පෙති ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති අතර එක් මත් පෙත්තක් රුපියල් 300 මුදලකට අලෙවිකිරීමට සූදානම් කොට තිබූ බවත් පොලිසිය කීය.

 

 



අදහස් (0)

කෝටි 10ක මත්පෙති වවිනියාවේදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site