
(සුජිත් හේවාජුලිගේ)
රටේ ඇමරිකානු ඩොලර් කෝටි 600ක වත්කම් වලට වෙච්ච දෙයක් නොමැති බවත් කවුරුන් හෝ ඒවා අත්පත් කරගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය කොළඹදී අද විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ව්‍යාපෘති ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් ලබා ගෙන තිබුණත් වත්කම් තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 2 කටත් අඩුවෙන් බවද ඔහු කීවේය.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත හරහා සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය මැඩලීමට අවස්ථාව සැලසෙන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා බෙදා ගත්තේ පක්ෂ විපක්ෂ දේශපාලකයන්, රජයේ නිලධාරියන්, පෙර්කදෝරුවන්, වැනි පුද්ගලයින් තවමත් ඔවුන් සතුව මෙම දේපල තිබෙන අතර මේවා වහන, ගොඩනැගිලි හෝ වෙනත් ආකාරයට තිබෙන බවත් ඔවුන් ප්‍රසිද්ධියේ මේවා පරිහරණය කරන බවත් දකින්න පුළුවන්...
මේක බොරුවක් කියල හර්ෂ ද සිල්වා කිව්වා. ගොඩක් කලකට කලින්. ඔය කියන නැතිවූ වත්කම් තියෙන්නේ RDA , මහවැලි අධිකාරිය , ජලසම්පාදන මණ්ඩලය වගේ වෙනත් ආයතන වල දේපල හැටියට. ණය ලැයිස්ත්තු ගත කළාට ඒ දේපල මහා භාණ්ඩාගාරය ලැයිස්තුගත කරලා නැහැ.
කවුද අනේ ඒ හොර ගෙඩි.. 3/4ක් අරගෙන කොහේ තියාගෙන ඇතිද? රට ඇතුලෙ වෙන්න බෑ..
පැනමා ලැයිස්තුවේ හොරා කාපු චෞර රැලගේ නම් තියෙනවා.
මෝඩ කතා නොකිය වෝහාරික විගණනයක් කරන්න.
කටට එන පච කෙපර කියන කාලය අහවර කරන්න. ඕවා අහලා දැන් ඇති වෙලා. වැඩක් කරන්න පටන් ගන්න මොන කරුමයක්ද දෙවියනි මේ?
අපි නං දන්නවා. ගජ මිතුරන් ගාව සහ නෑදෑ සනුහරේ ගාව තමයි ඒ සල්ලි තියෙන්නේ
ඕවා කියන්න එපා. නම් ගම නොකිව්වත් හාමුලා හොරු කියලා දන්න බයියෝ එනවා ඕවා කියන අයට බනින්න..
විගණනය කිරීමේ වටිනාකම මෙයයි. ඕවා ගත්තේ කවුද ඉතින්...? හිටපු දේශපාලකයෝ සහ රජයේ සේවකයෝ...
88 සහ 89 අවුරුදු දෙකෙහි විතරක් පුච්චපු බිලියන 50ක් අළු දූලි වෙලා ගියා, තව ඩොලර් බිලියන 200ක් ත්‍රස්තවාදී යුද්ධය නිසා අළු දූලි වෙලා ගියා. කවුරුවත් ඒ ගැන නම් කතා කරන්නේ නැහැ.
තංගල්ලේ පැත්තේ අනිවාර්යෙන් හැම ගෙයක් ගානෙම සෝදිසි මෙහෙයුමක් කරමු
ඡන්දයක් ළග ළගම වගේ...
වඩේ විකුණලා කෝටිපති වුණු අයගෙන් ඇහුවා නම් හරිනේ...
හොරුන්ට වැඩිය හොරු ගැන කරදර වෙන්නේ ඔවුන්ගේ ඉදුල් කාලා බඩ වියත ගැට ගහ ගන්න අය, එකයි කරුමය කියන්නේ...!
අපිට දැන් ඔය කතා අහලා එපා වෙලා. ඕවා ඔයාලාගේ කටට එනවාට කියන කතා මිසක් කිසිම සාක්ෂියක් ඇතුව ස්ථීරවම කියන කතා නොවන බව අපි දන්නවා. ඔය හොරකම් කරපු කතා කියලා අපිව තව දුරටත් රවට්ටන්න නම් හිතන්න එපා. අපි දන්නවා ඔය හැම කිල්ලෝටෙම හුණු තියෙන බව...
මෙයා දූෂණ විරෝධී කමිටුවේ හිටියා නේද? එතකොට දන්නේ නැහැ බයිලා තමා මේවා ඇත්ත කියලා අහන ගොන්නු බූරුවෝ ඉන්නවානේ $ බිලියන 6 ක් කියන්නේ සුළුපටු ගණනක් නොවෙයි... කොයි රටෙන්ද අරන් තියෙන්නේ...?