මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 15 February 2025
බසයක් පෙරලී 3ක් රෝහලට ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් අද අළුයම පානදුර ගුවන් පාලම යට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. 15 February 2025
එජාපයට නව උප සභාපතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ. 14 February 2025
අයවැයට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. 14 February 2025
සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක් සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ. 14 February 2025
කන්කසන්තුරේ තැපැල් දුම්රිය ගැන දැනුම් දීමක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 14 February 2025
පුංචි ඡන්ද පනතට උපදේශක සභාවේ අනුමැතිය පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත 14 February 2025
ජාතික ක්‍රීඩා සභාවට නව සභාපතිවරයෙක් ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ. 14 February 2025
ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිටතට දැමීමට තල්මසා කටයුතු කළ බවත් වාර්තා වේ. 14 February 2025
සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අරඹයි කුඩා, මධ්‍යම සහ මහා පරිමාන සියලුම වී මෝල් ලියාපදිංචි කිරීමට රජය පියවර ගෙන ඇතැයි වි අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය. 14 February 2025
’’ඩේසි ෆොරස්ට්ට විදෙස් තහනමක් පනවා නෑ’’ ඩේසි ෆොරස්ට් නමැත්තියට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද තමන් එවැනි විදෙස් තහනමක් ඩේසි ෆොරස්ට් නමැත්තිය සඳහා නිකුත් නොකළ බව කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (14) දින විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය 14 February 2025
ආනන්ද - නාලන්දා ආදි සිසුවෝ එක්සත් ආරාබියේදී ගැටෙති එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල්වල ආදි සිසුන් අතර 15 වැනි වාර්ෂික ක්‍රිකට් සහ රග්බි තරග අජ්මාන්හි රාජකීය ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හෙට (15) දිනය පුරා පැවැත්වේ. 14 February 2025
විදුලි කප්පාදුව ගැන කණගාටුව පළකරයි නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීමෙන් විදුලි සැපයුම කප්පාදු කිරීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාව පිළිබඳව කණගාටුව පළකරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 14 February 2025
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2-0 කින් ඕස්ට්‍රේලියාව පරාජය කරති ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට අද (14) සමත් විය. 14 February 2025
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ පත් කරනු ලැබ සිටිති. 14 February 2025
විවිධ වෛද්‍ය ක්‍රම එක තැනකින් ගන්න ක්‍රමයක් හදයි විවිධ වෛද්‍ය ක්රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබා දීම එකම රෝහලක දී සිදු කිරීමේ නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. 14 February 2025
රක්ෂිතයේ මැණික් ගැරූ 15ක් අල්ලයි බලන්ගොඩ වලේබොඩ වළවෙිි ගඟ රක්ෂිතයේ අනවසරෙන් මහා පරිමාන පතල් කපා මැණික් ගරමින් සිටි සැකකරුවන් 15 දෙනෙකු අද (14) දා අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ අඩවි වන නිළධාරි කාර්යාලය පවසයි. 14 February 2025
තුර්කි ශිෂ්‍යත්ව කෝටාව වැඩි කරයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අතර හමුවක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 14 February 2025
නාමල් - ජුලී චන්ග් හමුවක් USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇමරිකා තානාපතිනිය ජුලී චන්ග් මහත්මිය මුණ ගැසී පැවසීය. 14 February 2025
සංවර්ධනයට පෙර ජනතාවගෙන් අහන්න නගරයක් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී සියලු දෙනාගේ අදහස් විමසිය යුතු බවත් එසේ නොවුණහොත් යම් විරෝධයන් ඇති විය හැකි වුවත් අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් නම් ඩෝසර් කර හෝ එය සිදුකළ යුතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. 14 February 2025
නාමල් නීති විභාගය ලියූ අයුරු ගැන විමර්ශන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවැති විභාගයට නීතිඥවරුන් දෙදෙනකුගේ සහය ඇතිව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නීති උපාධිය ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත. 14 February 2025
පුංචි ඡන්ද පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය 14 February 2025
විදුලි කප්පාදුව අත්හිටුවයි විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය. 14 February 2025
පා.මන්ත්‍රිගේ රියේ ගැටුණු යතුරුපැදිකරු මරුට ජාතික ජන බලවේගයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොඩ් ෆයිසාල් මහතා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත පොලිස් වසමේ හාල්දඩුවන ප්‍රදේශයෙදි අද(14) මාරක අනතුරකට ලක්විමේන් මාර්ගයෙ ගමන් කරමින් සිටි යතුරු පැදි කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව කොස්වත්ත පොලිසිය පවසයි. 14 February 2025
හිටපු ප්‍රා.සභාපතිගේ ඉඩමකින් නිතී විරෝධි ගිනි අවියක් මත්තල ප්‍රදේශයේ වගා ඉඩමක් රැක බලාගත් පුද්ගලයෙකු ළග තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක් සමඟ අයෙක් ඊයේ (13) රාත්‍රි අත් අඩංගුවට ගත්බව මත්තල පොලිසිය පවසයි 14 February 2025
අද පාසල්- පන්ති නැතැයි බොරු පුවතක් යවලා පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද(14) පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයේ යොදාගෙන බොරු පුවතක් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කොට ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 14 February 2025
රොක් කන්ද රක්ෂිතයේ ගින්න තවත් පැතිරේ ඇල්ල රොක් කන්ද වන රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් හදිසි ගින්නෙන් අක්කර 50 ක පමණ කොටසක් විනාශ වී ගොස් පවතින දැඩි සුලං සමග ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 14 February 2025
නොරොච්චෝලේ තෙවන යන්ත්‍රයත් යළි වැඩ නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රයෙ විදුලිය නිෂ්පාදනය අද දින අලුයම වන විට ආරම්භ කළ බව විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීයෙක් පැවසිය. 14 February 2025
පළාත් කීපයකට සීතල කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 February 2025
ඇල්පිටියේ ඝාතනයක් පිටිගල ,මැටිවිලිය ප්‍රදේශයේ මාර්ගයක තිබී බරපතළ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (14) අලුයම සොයා ගත් බව පිටිගල පොලීසිය කියයි. 14 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025