IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුරවැසියා එපා කියන කිසි නීතියක් සම්මත කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පාලකයන්ගේ අවශ්‍යතාවට නීති හදපු සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (17) පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි. ‘රට නඟන ගුරු පවුර’ යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි.

ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවද ජනාධිපතිවරයා කීය.

එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙස ගුරුවරුන්ට ඇරියුම් කළේය.



අදහස් (8)

පුරවැසියා එපා කියන කිසි නීතියක් සම්මත කරන්නේ නෑ

Achchi Friday, 17 October 2025 05:58 PM

තුනෙන් දෙකක් තියාගෙන බයියන්ට බයවුන අනුර...

:       1       3

සඳමාලි Friday, 17 October 2025 06:32 PM

පූස් පැටව් සේ තවමත් සදාදරණීය නායක සහෝදරයා කියන කියන දේට ඔලුව වනමින් අසා සිටින අන්ධ භක්තික ගුරු පරපුරට මාගේ ආචාරය. ඔබතුමන්ලා සහ තුමින්ලා දකිනවිට මට මතක් වන්නේ අපගේ ගෙවල්වල කණප්පු උඩ සිටවා තබා තිබූ හුළඟට ඔලුව හොලවන නැට්ටුවායි. නැත්නම් දැන් අලුත් පරපුර තම වාහනවල ඩෑෂ් බෝඩයේ තබා තිබෙන ඔලුව සොලවමින් යන හුරතල් සුනඛ පෝතකයායි. ආඩම්බරයි ගුරු මවුවරුනි, පියවරුනි.

:       1       5

අරුණි Friday, 17 October 2025 07:11 PM

තාමත් බොරු කියන හැටි ලැජ්ජාවක් බයක් නැතිව. වටවෙලා ඉන්න ඔය මහ පිරිස මීහරක් හරි බිහිරි, ගොළු පිරිසක් වෙන්න ඕනේ.

:       2       5

Lalith Friday, 17 October 2025 10:50 PM

සකලබුජන් කොටකලිසම් තමයි අදින්නේ...

:       2       5

Wanasinha Friday, 17 October 2025 10:55 PM

මේක කියලා තියෙන්නේ කටින්ද දන්නේ නැහැ.

:       2       4

Upul Friday, 17 October 2025 10:56 PM

දැන් ඉතින් ගව සම්පත කවි ලිය ලිය හෝදයි. කෞෂි කෝ ඔයා...?

:       2       4

ගුණරත්න Saturday, 18 October 2025 11:44 AM

එපා කිව්වට බදු ගැහුවානේ කණ පැලෙන්න. ඉතින් අපිට ඕක විශ්වාස කරන්නද කියන්නේ? අනික තමුන්නාන්සේලා විවේචනය කරපු නීති අනුවම අපහාස පැමිණිලි දාලා මිනිස්සුන්ට තර්ජනය කරන්නේ? ඉතින් ඔය කියමන් වහල්ලු විශ්වාස කරාවි.

:       1       4

fairoos Saturday, 18 October 2025 03:30 PM

උඩ බයියන්ගෙන් අදහස් විතරයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site