IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඉෂාරා දින 90 ක් රඳවන්න අවසර

(සුජිත් හේවාජුලිගේ)

පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය  අවසර ලබා දී ඇත

මෙසේ අවසර දී ඇත්තේ පොලීසිය  කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඉෂාරා සෙව්වන්දි  සම්බන්ධ විමර්ශන දිගටම  කරගෙන යන අතර ඇය අදත් ගම්පහ ප්‍රදේශයේ කිසියම්  විමර්ශනයක් සඳහා රැගෙන යනු ලැබුවාය.

සෙව්වන්දි  රට පලායෑමට ප්‍රථම  ගම්පහ ප්‍රදේශයේ  වළදමා තිබූ ජංගම දුරකථනයක් එහිදී සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ජංගම දුරකථනයෙන්  වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකි වනු ඇතැයි විමර්ශන නිලධාරීහු විශ්වාසය  පළ කරති.



අදහස් (8)

ඉෂාරා දින 90 ක් රඳවන්න අවසර

pj Sunday, 19 October 2025 05:12 AM

තචම පරන සිස්ටම ම තමයි. චේන්ජ් වි නොමැත. පෙනෙන්නට ද නැත. පාතාලය සම්බන්ධ වගවිය යුතු විස්තර අමු අමුවේ මාධ්‍යවලින් නිදහසේ ප්‍රචාරය වේ.

:       1       25

සමන් - ඕමානය Sunday, 19 October 2025 09:31 AM

ඔය දින 90න් පස්සේ එයාට ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශිකා තනතුරක් දිය යුතුයි. එයාගේ වටිනා මොලෙන් වැඩක් ගන්න පුළුවන්, අර කවුදෝ ඇමති තුමෙක් කිව්ව විදිහට

:       5       46

thissaSunday, 19 October 2025 05:14 PM

ලංකාවේ මිනිස්සු රූපය හොඳ ගෑනියෙක් දැක්කොත් හිතන්නේ මොළෙත් හොඳට තියෙනවා කියලා. මේ මනුස්සයාට තියෙන්නේ අපරාධකාරයින් ඇසුරින් ලබා ගත් අපරාධ සඳහා යොමු වුණු "මොලයක්" විතරයි. මම හිතන්නේ නැහැ. මේ ගැහැණිය තමන්ගේ පාසල් අධ්‍යාපනයවත් සම්පූර්ණ කල කෙනෙක් කියා. එවැනි කෙනෙකුට මොනම රජයේ ආයතනයක උපදේශිකා තනතුරක් දැරිය හැකිද?

:       0       5

බද්රානිMonday, 20 October 2025 02:29 PM

තිස්ස මහත්තයෝ, අපි ඔයාලා ඔහොම හිතුවට, ඔය පත්තර කාරයෝ ඇතුළු මාධ්‍ය මඩ කරී රැල හිතාගෙන ඉන්නේ ඔහොම තමයි... තක්කඩි හොර දේශපාලුවන්ගේ ෆොටෝ පලකරන්නෙත් ඔහොමම තමයි... ඒ තුළින් කරන්නේ මේ සමාජය නොමග යවන එකයි. අන්තිම කැත දහ ජරා වැඩක් කරපු අයව මොවුන් මේ විදිහට... සුන්දර චරිත ලෙස සමාජ ගත කරනවා... ලංකාවේ බහුතර මෝඩයින් මේ වගේ ප්‍රෝඩා වලට වසඟ වෙනවා... අපි සත්‍ය යතාර්ථය ලිව්වාම, මෙවින්ට ඒවා ඇලජික්..

:       0       0

රන්වල Sunday, 19 October 2025 11:02 AM

තාම නාමල් ගැන කියලා නැද්ද?

:       1       9

චමින්ද Sunday, 19 October 2025 04:50 PM

හරි. ඉශාරා එහෙම රදවාගෙන හිටපුවාවේ. මීට වඩා හන්වැල්ල, පාදුක්ක, හෝමගම, මීගොඩ ආටිගල පළාතම කප්පම් අරගන්නේ, මිනීමරන්නේ අර ඩුබායිවලදි අල්ලාගත්තා කියන බස් ලලිත්. කී දෙනෙක් පදින්චිය අතහැරියාද? කඩ වහලා දාපු මිනිස්සු ඉන්නවා. ඒ මේ ලලිත් කන්නන්ගරට බයේ. කෝ දැන් ඒ අල්ලගත්ත කෙනා? අල්ලාගත්තු කෙනාට පොලිසියට සුබපතලා හන්වැල්ල බැනරුත් ගහලා. කෝ? මේවා ප්‍රශ්න කරලා අහන්න කෝ ඒ අල්ලාගත්ත ලලිත් කවද්ද ගේන්නේ කියලා...

:       0       2

Neel Sunday, 19 October 2025 07:12 PM

බයියෝ කනපිට ගහන්න ඕනෑ, පළමුව නැතිව මේ රට හදන්න පුළුවන්ද බලන්න ප්‍රස්නයක් දිහා බලන විදියට...

:       2       2

Nandalal DE SILVA - France Sunday, 19 October 2025 10:12 PM

මාස තුනක් රක්ෂිත බන්ධනාගාරයේ රදවා ගෙන, තුන් වෙලක්ම කන්න බොන්න දෙන්න විතරක්ම, අසරණ බදු ගෙවන්නන් මෙම බඩ්ඩ වෙනුවෙන් වියදම් කරන්න සූදානමින් ඉන්නවාද ? නඩුව අවසන් වූ වහාම ඒ මුදල මෙයාගෙ පාතාල boss ගෙන් අයකර ගන්න...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1116 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site