IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සී.අයි.වරුණිගේ ඡායාරුවට මල් දමක් පළඳවලා

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිරිහාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වශයෙන් කටයුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත මහත්මියගේ කාර්යාලයේ තිබූ ඇගේ ඡායාරූපයකට කිසියම් පුද්ගලයකු විසින් මල්මාලයක් පැළැදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ එහි විමර්ශන සිදුකර කරන බව පොලිසිය පවසයි.

මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණි කිසියම් පුද්ගලයකු විසින් ස්ථානාධිපතිවරිය නොමැති අවස්ථාවක ඇයගේ ඡායාරූපයකට සුදු පැහැති මල් මාලයක් දමා ගොස් තිබූ පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් වරුණි බෝගහවත්ත මහත්මිය චිකුන්ගුන්‍යා රෝගී තත්ත්වයක් මත මේවන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන අතර කිසියම් පුද්ගලයකු ස්ථානාධිපතිනිය බියගැන්වීම සදහා එම මල්මාලය ඡායාරූපයට දමා ගියේද නැතිනම් වෙනත් අරමුණකින් එය සිදුකළේද යන්න පිළිබදව පොලිසිය විමර්ශන සිදුකරයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය මාතර මූලස්ථාන පොලිසියේ සිට ස්ථාන මාරුවක් ලබා මීට මාස කීපයකට පෙර මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරී කරනු ලැබුවාය.

 



අදහස් (7)

සී.අයි.වරුණිගේ ඡායාරුවට මල් දමක් පළඳවලා

Roni Friday, 17 October 2025 10:47 PM

ආදරේට වෙන්න බැරිද?

:       2       2

Perera Saturday, 18 October 2025 04:48 AM

මෙවැනි බොලද අමනෝඥ ක්‍රියාවලින් බුද්ධිමත් අය සැලෙන්නේ නැත...

:       1       1

දයාන් කන්නන්ගර Saturday, 18 October 2025 08:38 AM

රජයේ කාර්යාලයක්‌ පොලිසිය.. දකුණු ඉන්දියාවේ වගේ මොනවාටද තමුන්ගේ පුද්ගලික චායාරූප එල්ලන්නේ ? කැතයි ලැජ්ජයි නේද?

:       3       8

Bunny Preena Saturday, 18 October 2025 09:18 AM

පොලිසියේම ඉන්න ද්‍රෝහියකු හෝ ද්‍රෝහින් කිහිප දෙනෙකුගේ නින්දා සහගත වැඩක්. මොවුන්ව හදුනාගෙන පොලිස් සේවයෙන් නෙරපා දමා ඔවුන්ගේ අයිතිය අහෝසි කොට​, බරපතල වැඩ සහිතව සිර දඩුවම් ලබාදිය යුතුයි.

:       4       5

Lalla Saturday, 18 October 2025 10:37 AM

ආදරේට කළ වැඩක් වෙන්න බැරිද? පූජාවක් තියපු එකක් වගේ...

:       2       4

බොරුවෙන් හංවඩු ගැසූ ගෘහස්ථ හින්සකයා Saturday, 18 October 2025 03:31 PM

මෙතනට එන ඔක්කෝම අය ගැන ජනතා මතය තමා පෙන්වන්නේ. කලින් ඉදියා සපුගොඩ කියලා කෙනෙක්.., ප්‍රශ්න වලදී කිසිම සමථ කිරීමක් නෑ. බොරු නඩු පටලනවා මිනිස්සුන්ට. තව ඔතැන ඉන්නවා බුලත් විට කාගෙන ඉන්න බණ්ඩාර කියලා සාජන් කෙනෙක් මිනිහත් නඩු වලදී බොරු සාක්ෂි දෙනවා. පවුල් කඩනවා ඔතැන ඉන්න උන් බහුතරයක් බොරු නඩු පටලවලා...

:       0       2

සිසිල් සුදේශ් Saturday, 18 October 2025 05:26 PM

ආණ්ඩුවේ කාර්යාලවල ජනාධිපතිගේ සහ ඇමතිගේ හැර වෙනත් ඡායාරූප එල්ලන්නේ නෑ. මේ අම්මණ්ඩි තමුන්ගේ ඡායාරූපය එල්ලගත්තෙ එන අය බයකරන්නද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site