IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලූවර් කෞතුකාගාරයට හොරු පනිති

(විමුක්ති එස් රුද්‍රිගු)

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි තිබූ නැපෝලියන් සහ ප්‍රංශ අධිරාජිනියගේ මිලකළ නොහැකි ආභරණ එකතුවකින් ආභරණ නවයක් මංකොල්ල කෑමත් සමග එම කෞතුකාගාරය වසා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ.

කොල්ලකරුවන් ස්කූටරයකින් පැමිණ භාණ්ඩ සෝපානයක් භාවිතා කර ආභරණ තිබූ කාමරයට ළඟාවී ඇති බවත් කුඩා දම්වැල් සහ කියත් භාවිත කරමින් මංකොල්ලය සිදුකර ඇති බවත් වාර්තා විය. ලූවර් කෞතුකාගාරය විවෘත කළ අවස්ථාවේ මංකොල්ලය සිදුව ඇති බවත් විනාඩි හතක් තුළ මංකොල්ලය සාර්ථකව සිදුකර මංකොල්ලකරුවන් පළගොස් ඇති බවත් අනාවරණය වූවේය.

තවමත් සොරකම් කළ භාණ්ඩවල වටිනාකම එරට බලධාරීන් ඇස්තමේන්තු කරමින් සිටින බවත් මංකොල්ලය සඳහා පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඇති බව හඳුනාගෙන තිබෙන බවත් සඳහන් විය.

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි මංකොල්ලයක් සිදුව ඇති බවට ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය රචිටා ඩාටි එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඊයේ(19) පැවැසුවාය.

 



අදහස් (8)

ලූවර් කෞතුකාගාරයට හොරු පනිති

ඇන්ඩෘ සෙබඩවිල Sunday, 19 October 2025 06:35 PM

ඔය සිදුවීම අප රටේ සිදු වුණා නම් ලේසියෙන්ම ඒක රාජපක්‍ෂලාට පටවලා අපේ පොලිසියේ එෆිෂන්සි එකත්, එන්පීපී ආණ්ඩුව පොලිසියේ වැඩට ඇඟිලි ගහන්නේ නැති බවත් පෙන්වන්න අපේ අයට අවස්ථාව තිබුණා.

:       30       9

Neel Sunday, 19 October 2025 07:22 PM

මේ වගේ ගොබ්බ හරක් ඉන්න රටක ආර්ථිකය වර්ධනය කර ගැනීමට ගොඩක් කල් ගතවෙන එක අහන්න දෙයක්ද....

:       4       18

දිනේෂ් Sunday, 19 October 2025 07:34 PM

සෙබඩ, අපිට කන්ගැට්ටගේ සිද්ධිය තවම මතකයි...

:       1       15

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Sunday, 19 October 2025 09:58 PM

උප්පැන්නේ තියෙන්නේ පියාගේ නම හැටියට රාජපක්ෂ කියලා වෙන්න ඇති. මවගෙන් අහලා මොන රාජපක්ෂද කියලා හරියටම කියන්න බැරිද?

:       0       3

අලිබබා Monday, 20 October 2025 01:30 AM

හොරාගත් දෑ නැවත වසර සිය ගණනකට පසු සොරා ගෙන ඇත..... හොරාගෙත් හොරා උතුම් හොරා නම් විය.

:       0       1

ගුණරත්න Monday, 20 October 2025 08:58 AM

අහවල් කට්ටිය ආවාට පස්සේ ප්‍රංශයේ තත්වය පිරිහිලා කියල ප්‍රවෘත්ති දැක තිබෙනවා

:       1       0

Perera Monday, 20 October 2025 11:00 AM

හොදට හොයලා බලන්න පොහොට්ටුවේ තක්කඩි... ඔය පැත්තේ කොහේද කියලා...

:       0       0

අරවින්ද මොණරවිල Monday, 20 October 2025 11:13 AM

සමහර විට රාජපක්ෂලා හරි ඔවුන්ගේ ගෝලයෝ හරි ප්‍රංශයේ පදිංචි වෙලා ඉන්නවද කියලා හොයලා බලන්න කියලා ජාත්‍යන්තර පොලිසිය හරහා ප්‍රංශ රජය දැනුවත් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site