IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ රුපියල් කෝටි ගණනක දේපළකට  උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි කියන ,හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂක ලෙස කටයුතුු කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි  සැකකරු ලබන 31 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා  අද(17) නියෝග කළේය.

වීරකැටියේ වලස්මුල්ල පාරේ අක්කර 03 පර්චස් 38ක විහිදී ඉන්ධන පිරමුම්හලක්,පල්ලෙ කැලේ ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් 4550500.00ක් වටිනා නිවස,මහරගම ප්‍රදේශයේ ලක්ෂ 125 වටිනා නිවස,දෙමටගොඩ ලක්ෂ 1650000.00 ක නිවස,තිස්සමහාරාම අකුරුගොඩ ප්‍රදේශයේ ඉදිකිරෙමින් පවතින හෝටලය,කෝට්ටේ මාදිවෙල ලක්‍ෂ 400 ක් වටිනා තෙමහල්,නිවස ,බෙලියත්ත හා වීර කැටිය නගරවල කඩ කාමර  ඇතුළු  දේපල රැසකට උරුමකම් කීම සම්බන්ධයෙන් අල්ලස් කොලිසම පැවරූ පැමිණිල්ලට අදාළව මේසේ යළි.  රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 



අදහස් (3)

නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

Asela Friday, 17 October 2025 11:06 AM

මේවා "අවස්ථා සහ සම්බන්ධතා උපයා ගැනීම" සහ එවකට ජනාධිපතිවරයා සමඟ බලය අනිසි ලෙස භාවිතා කිරීම විය හැකියි. මහින්ද තමා වටා සිටින පුද්ගලයින්ට ආදරය කිරීම සහ ඔහුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට විය. පුදුමයක් නොවේ!, ජේවීපී සහ මෙගා අරමුදල් සම්බන්ධයෙන්ද එය එසේම වේ. වසන්ත ආදිය දේශපාලනඥයින්ගේ රෙදි සේදීම පසුපස යන්නේ වහලුන් පමණි...

:       15       5

ගෝthaya Friday, 17 October 2025 01:32 PM

මල්ලේ වෙන මොනවා හරිද නැත්තං පොල්මද?

:       0       9

Mohan Friday, 17 October 2025 02:02 PM

අසේල... පිස්සුද හැටිද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site