රිය අනතුරින් තිදරු මව මරුට යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය බව කහතුඩුව පොලිසිය කියයි. 12 February 2025
නීතිපතිවරයාට බලපෑම් කිරීම කැත වැඩක් නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 12 February 2025
ඔරුව පෙරළී තිදරු පියෙක් මරුට රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය පොලිසිය කියයි. 12 February 2025
වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක් වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් වෙන් වෙන්ව විමර්ශන කණ්ඩායම් දෙකක් පත්කර ඇති බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි. 12 February 2025
ජාතික පාසලේ ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් බාරයට කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 12 February 2025
අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි. 12 February 2025
දිසා කීපයකට සුළු වැස්සක් මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 February 2025
තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීණි. 12 February 2025
නවම් පොහෝය අදයි නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ. 12 February 2025
සැකකරුවකු මැරුණැයි පොලිසියට විරෝධයක් වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ. 12 February 2025
වීසා නැති 13ක් පිටුවහල් කරයි සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(11) නියෝග කළේය. 11 February 2025
මළගෙදර වලියෙන් හතරක් රෝහලට අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බව එගොඩඋයන පොලිසිය පවසයි. 11 February 2025
ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 11 February 2025
අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්රදානය රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය. 11 February 2025
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට පුහුණුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි. 11 February 2025
එකවර පොලිස් ස්ථානාධිපතිවරු 139කට මාරුවීම් පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත. 11 February 2025
බලහත්කාරයෙන් පාසලට ඇවිත් ළමයින්ට පහරදීලා කඩුවෙල ප්‍රදේශයේ ජාතික පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විද්‍යාලය තුළ කැඩට් පුහුණුවීම්වල නිරතව සිටි පාසල් සිසු සිසුවියන්ට අමානුෂික ලෙස පහරදීම නිසාවෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් දහයකට වැඩි පිරිසක් අද (11) සවස රෝහල් ගත කර ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පතිතුමා පවසයි. 11 February 2025
ජනපති ටෝනි බ්ලෙයාර් හමු වෙයි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජයේ දී අද(11)වන දා සිදුවිය. 11 February 2025
මිලියන 67,500 ක භාණ්ඩාගාර බැඳුම්කරයක් 13 දා රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් පෙබරවාරි 13දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 11 February 2025
කෝටි 4කට වාලම්පුරි 4ක් විකුණන්න බැරිවෙයි ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු එම වාලම්පුරි ද සමඟ ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රෙද්ශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. 11 February 2025
ජනපති පකිස්ථාන අගමැති හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය. 11 February 2025
කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් දොට්ට පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 11 February 2025
දර ලොරියට යට වී සිසුවා මරුට දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි. 11 February 2025
නොරොච්චෝලේ බලාගාර හදිසියේ නතර කරන්න බෑ විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලාගාරය නැවත පණ ගැන්වීමට දින හතරක් පමණ ගතවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අද (11) පැවසීය. 11 February 2025
පාර්ලිමේන්තුවට බේත් දෙයි පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැත්විණි. 11 February 2025
හෙද නිලධාරීන්ගෙන් අයවැයට යෝජනා 14ක් අයවැයට යෝජනා 14 ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ. 11 February 2025
’’ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නෑ’’ ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල මෙම මාසයේ (පෙබරවාරි) සංශෝධනය නොකරන බවත් ඒ අනුව ජනවාරි මස මිල මෙම මස තුළ ද පවතින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. 11 February 2025
ඩේසි ෆොරස්ට්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59 ක පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඩේසි ෆොරස්ට් යන අය සැකකාරියක ලෙසට නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් අද (11) දින ප්‍රතික්ෂේප කලාය. 11 February 2025
උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනයට උතුරු සහ නැගෙනහිර පළාත් වල ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
ගුවන්තොටට කන්න දෙන්න ආයතන තෝරා ගනියි කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025