
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව යටතේ යුක්තිය පසඳලීමට අදාළ මූලික විමර්ශන කරන ආයතන දේශපාලනිකරණයක් පිළිබඳව සමාජය තුළ ඉතාම පළල් සංවාදයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (15) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී සංජීව එදිරිමාන්න මහතා එසේ පැවසීය.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් උළුගේතැන්න මහතා ඇතුලුව ඇතැම් රණවිරුවන් සම්බන්ධයෙන් වන යම් යම් සිදුවීම් සියල්ල එක පෙළට රැගෙන නිරීක්ෂණය කිරීමේදී කිසියම් බාහිර පාර්ශවයක් තෘප්තිමත්භාවයට පත්කිරීමට ආණ්ඩුව උත්සහ කරන බවක් පෙණෙන බවත් එන්.පී.පී. දේශපාලන වේදිකාවෙන් සීඅයිඩියට කියන මේ ආණ්ඩුවේ පත්කිරීම් නාටකයත් එක්ක මේ ප්‍රශ්නය මුලින්ම සාකච්ඡාවට ලක්වූ බවත් ඒ මහතා කීය.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් උළුගේතැන්න මහතාගේ සිද්ධියට අදාළවත් මූලික සාක්ෂි විමර්ශනයේදී යම් අනීතිකභාවයන් නිරීක්ෂණය වන්නේ යැයි යළි සාකච්ඡාවට පැමිණි බව කී එදිරිමාන්න මහතා මේ සිද්ධියත් සමඟ ශ්‍රී ලංකාවේ මූලික විමර්ශන ආයතන දේශපාලනික න්‍යාය පත්‍රයකට අනුව හෝ වෙනත් කිසියම් බාහිර පාර්ශවයක වුවමනාවකට වැඩකරන බවක් මෙහිදි යළි නිරීක්ෂණය වන බව ද සඳහන් කළේය.
පසුගිය ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකා රජය ඡන්ද විමසීමක් ඉල්ලීමකින් තොරව එය සම්මත වීමට ඉඩහැරීම, ඒ වගේම යුද්ධය මෙහෙයවපු සේනාධි නායකයා නිල නිවසින් බැහැරට ගැනීම, හිටපු නාවික හමුදාපතිවරයා ද ඇතුලුව ඇතැම් රණවිරුවන් සම්බන්ධයෙන් සිදුවෙන යම් යම් සිදුවීම් එක පෙළට ගෙන නිරීක්ෂණය කරද්දි එම තත්වය නිරීක්‍ෂණය වන බව ද එ මහතා කීය.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ කොටි සැමරුම් පිළිබඳව යම් යම් ස්ථානවල සිද්ධි වාර්තා වුණා කියලා නිතිය හා සාමය ඇමති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ ද ඒ කිසිවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණ ද එක සිද්ධියක් පිළිබඳව සමාජ මාධ්‍ය තොරතුරක් දැම්මේ යැයි චෝදනාවට සමහරුන් අත්තඩංගුවට ගත් බව ද එදිරිමාන්න මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව සහ ඔවුන්ගේ මූලික දේශපාලන දෘෂ්ටිවාදය ඓතිහාසිකව තිබුණේ කොතනද යන්න නොදන්නවා වුවද ඔවුන් පෞද්ගලික ව්‍යවාසයකත්වය සම්බන්ධව විරෝධාකල්පයක, ජත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගණුදෙනුවලට එළඹීම පිළිබඳව විරෝධයක, විදේශ ණය සම්බන්ධයෙන් විරෝධයක, ආයෝජකයන් සහ පෞද්ගලිකරණයට අදාළව බරපතල විරෝධයක, රාජ්‍ය සම්පත් සුරැකීමේ සටනේ අයිතිකාරයෝ හැටියට දේශපාලන කළේ යැයි සියලු දෙනා දන්නා බවත් නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා රත්නපුරේ රැස්වීමේදී එතනින් එහා ගිය ධනවාදයේ එහා කොනටත් මේ ආණ්ඩුව යන්න ලෑස්ති වගේ කථාවක් කළ බවත් සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
ඡන්දය දීපු සහ නොදීපු සියලුදෙනාගේ දැනගැනීම පිණිස එන්පීපී ආණ්ඩුවේ ආර්ථික මොඩරය යැයි පැහැදිලි කිරීමේ යුතුකමක් ආණ්ඩුවට ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු කුමාරි තරඟ තෝරන අය දේශපාලනේට කොස් කොටන්නද?
දුශිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලණීකරණය කරලා තිබුනේ. කැළෑ නීතිය රජ කරවපු හැටි තමුන්ට අමතක වෙලා? තමුන් හිතාගෙන ඉන්නේ අපේ රටේ ඉන්නේ ඇස් කන් නැති මැරිලා ඉපදුණු අය කියලා වෙන්ඩැති...
පුදුම හිතෙන දැනුමක්නේ තියෙන්නේ. පලපුරුද්දක් එහෙමත් ඇති මගෙ හිතේ. ඒත් රටට මෙහෙම වුනේ ඇයි දන්නෑ..
ආණ්ඩුව කරන්නේ ඇරියස් කවර් කිරීමක්, ඔවුන් කරන වැඩකුත් නැහැනේ... ඉතින් හැම සතියක් ගානේම නාට්‍ය හදාගෙන ඒවා විකුණන එක තමයි කරන්නේ... අන්තිමේ බලනකොට වටිනා කාලය නිකම්ම වැයකරලා ඉවරයි. මේ ආණ්ඩුවේ ආයු කාලෙන් පහෙන් පංගුවක් දැන් ඉවරයි. ඒත් මොනවාද කලේ, ත්‍රිපෝෂ කඩ දාන එක, රිලව් ගණන් කරන එක...?
සංජීව නීතිය කියන ක්‍රියාවලිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. සංජීව ඉස්කෝලෙකට ගිහිල්ලාම නැද්ද?
මෙයා ප්‍රවෘත්ති කීවේ දේශපාලන පත්වීමක් ද?
ඕවා මොවුන්ගේ ආණ්ඩු කාලේ මොවුන් කරපුවා...
ඔබලාගේ කාලේ මොකද උනේ එතකොට ? Sanjeewa මෝඩයා
දූෂිත පව්ල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කෙරුවා. කැළෑ නීතිය රජ කෙරුවේ අධිකරණය පවා දේසපාලණීකරණය වෙලා තිබුනේ... සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි රටම දන්නවා.