
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නේපාලයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙරටට රැගෙන ඒමට සහායවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු මේවන විට නේපාලයේ රැඳී සිටින අතර ඔවුන්ට සහායවීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 18ක පමණ දුරින් වු නිවසක රැඳී සිටිය දී ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් කීපදෙනකු එම සැකකාරිය සහ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නේපාල පොලිසියට සහ ජාත්‍යන්තර පොලිසියට සහාය ලබාදී තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය අවුරුදු විස්සකට ආසන්න කාලය තුළදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව ශ්‍රී ලංකා පොලිසිය කළ සාර්ථකම වැටලීම් දෙක වනුයේ මැලේසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම සහ නේපාලයේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම යන කණ්ඩායම් දෙක අත්අඩංගුවට ගැනීම වේ. මේ පිළිබඳ හොරුන්ට, මත්ද්‍රව්‍ය මුදලාලිලාට හා පාතාලයින්ට වගේම ඔවුන්ගේ හෙංචයියන්ටද බොහෝ සෙයින් රිදිලා ඇති බව පෙනෙනවා.
මොන මෝඩ වැඩද? මේ උසස් පොලිස් නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා. ඒක එයාලාගේ ආරක්ෂාවට හා ජීවිතවලට තර්ජනයක්...
තමාව අල්ලන්න ඔලුගල සර් එනවා කියලා බලාපොරොත්තුවෙන් අපරාද කාරිය ඉන්නේ, මේ විදිහට විමර්ශන නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා... මග තොට යනකොට පාතාල සංවිධාන විසින් ඔවුන්ට හෝ දරුවන්ට අනතුරක් කරන්න ඉඩකඩ තිබෙනවා...
නූගත් ජෙබයියෝ හිතන් ඉන්නේ සකල බුජන් ගිහිල්ලා අල්ලගත්තා කියලා... පව්...
පහුගිය කාලේ විපක්ෂේ සජබේ පොහොට්ටු හාදයෝ කොයි වෙලෙත් බෙරිහන් දුන්නේ ඉශාරව අල්ලපල්ලා කියලා. ආණ්ඩුව මොනවද මේ කරන්නේ අනේ ඉෂාරට පැනලා යන්න දුන්නා. මේ ආණ්ඩුවට ඉශාරවවත් අල්ලා ගන්න බැරිවුණා කියා කියා අදෝනා දුන්නා. ඉෂාර ගැන පුදුම දුකක් සංකාවක් ඒ හාදයින්ට තිබුනේ. ඉශාරව ගෙන්නනකම් සමහර විපක්සයන්ට පුදුම අසහනයක් තිබ්බේ. නින්දෙනුත් උන්දැලාට ඉශාරව පේන්න ඇති. මයික් එකක් දැක්ක ගමන් ඇරෙහෙමයි මෙහෙමයි කිය කියා දඟලපු වීඩියෝ එහෙම දැන් ආපහු පෙන්නුවොත් හොඳයි වගේ... සජබේ අර ඉන්නේ මයික් වලට කවි කියන පොරක්. පොර කවි එහෙමත් කිව්වා. දැන් හරිනේ, ඉශාරව ගෙන්නන දවසට ඔය විපක්සෙ කට්ටියට එයාර් පොට් ගිහින් හොඳට තමන්ගේ ඇස් වලින්ම ඉශාරව දැක බලාගෙන මන දොළ පුරවාගන්න තියෙන්නේ...
නංගියා ලංකාවට එන්නේ නැතෙයි... දැන්ම පිස්තෝල පොත් හදමු.
ලොකු කම්පනියක මැනේජර් කමක් දුන්නොත් හොඳට වැඩ කරාවි. අවාසනාවට වැරදි පාරෙ ගිහින් තියෙන්නේ.
ඉෂාරා පෙන්නලා මේ සතිය ඇදගන්න පුළුවන් වෙයි. ඉතින් ආණ්ඩුවේ ඩෝබි හැත්ත පැලවත්තෙන් ලැබුණු ඕඩර් එකට හෑලි ලියනවා.
මානසික රෝගීන්... දහමක් නොදත්..