වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක් අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය. 10 February 2025
ආහාර කමිටුව රැස්වෙයි සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව අද (10)තීරණය කළේය. 10 February 2025
කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි 10 February 2025
චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහට ස්ථානය අහිමිවී තිබේ. 10 February 2025
IMF විධායක අධ්යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. 10 February 2025
පුරය සරසන්න පෙරහරට පේ වෙන අලි ඇතුන්ගේ හැඩ කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ. 10 February 2025
තානාපතිනී ජුලී චන්ග් ඇමති බිමල් හමුවෙයි ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල ජනවරමත් සම්බන්ධයෙන් සතුටු පත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. 10 February 2025
’’අලුත් සත්තු’’ ජාති තුනක් ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්,හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ බව පරිසර අමාත්‍යාංශය පවසයි. 10 February 2025
අරාබියට ගිය ජනපති හරසරින් පිළිගනී ලෝක රාජ්‍ය සමුඵව (WGS)ට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. 10 February 2025
සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක් සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට (11) පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය. 10 February 2025
අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට නොවැම්බර් මස 26 දා සිට ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගා පරීක්ෂා කිරීම අවසන් බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි. 10 February 2025
මැති - ඇමැති - ජනපති නෝනලාගේ වරප්‍රසාද කැපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කළ යුතු යැයි සඳහන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 10 February 2025
පුංචි ඡන්දෙ ගැන විවාදය අය වැය දා හවස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන සඳුදා(17) පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. 10 February 2025
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් සිකුරාදා (14)පෙ.ව 9.30 ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. 10 February 2025
කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට නීතිපති උපපදෙස් පතයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් පියවර ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කළාය. 10 February 2025
රට විරුවන්ගෙන් මේ වසරේදී ඩොලර් බිලියන 7ක් මේ වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. 10 February 2025
වී අළෙවි මණ්ඩලය බලාපොරොත්තුවෙන් ගොවි ව්‍යාපාර රැසක වී අස්වැන්න මේ දක්වා නෙළීම ආරම්භ කර නොමැති බවත් වී අස්වැන්න නෙළීම අඛණ්ඩව සිදුවන විට ගොවීන් රජයේ කොටස වී අළෙවි මණ්ඩලයට අළෙවි කරනු ඇති බවත් වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද (10) පැවසීය. 10 February 2025
යූඑස්ඒඩ් මෙරට මුදල් වියදම් කළේ කාටදැයි සොයන්න ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශාල මුදලක් යූඑස්ඒඩ් කියන සංවිධානය හරහා මෙරට තුළ වියදම් කර ඇතැයි හෙළිවී ඇති බවත් එම මුදල් සැබවින්ම වියදම් කළේ කුමන කාරණයකට ද යන්න සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පැවසීය. 10 February 2025
විදුලි කප්පාදුවට උපයෝගීතා කොමිසමේ අනුමැතිය විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා කාණ්ඩ 4ක් යටතේ අද (10) සහ හෙට (11) විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුමැතිය දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා පැවසීය. 10 February 2025
වී ගෙන යන මුවාවෙන් ගංජා ඇදලා වී මල්ලක් ගෙන යන ලෙස වියලි ගංජා කිලෝ ග්‍රෑම් 23 ක් කැබ් රථයකින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු අගුණකොලපැලැස්ස පොලිසියේ නිලධාරින් අද දහවල් අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 10 February 2025
ලංකා තාරුණ්‍යට සවිය දෙන සැලසුම බිම්ස්ටෙක් සමුළුවට ශ්‍රී ලංකාවේ නව රජය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සදහා සකස් කර ඇති සැලසුම ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අහමදාබාද් හි බිම්ස්ටෙක් සමුළුවට අද ඉදිරිපත් කෙරිණි. 10 February 2025
සීගිරිය ලෝකයේ බැබළෙයි සීගිරිය මෙම වසරේ (2025) ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගෙන තිබේ. 10 February 2025
වඳුරන්ට දොස් නොකියා වැඩ ටික කරන්න වඳුරන්ටයි පැවති ආණ්ඩු වලටයි කෑ ගසමින් නොසිට ඡන්දෙට පෙර කියූ කතා ටික ක්‍රියාවෙන් කර පෙන්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය. 10 February 2025
අද - හෙට පැය එකහමාර විදුලි කප්පාදුවක් රටපුරා විදුලි බිඳවැටීම සමග නොහොච්චෝලේ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ ප්‍රමාණය ආවරණය කිරීම සදඟා පැය එකහමාර බැගින් අද (10) සහ හෙට (11) දෙදින විදුලි සැපයුම කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. 10 February 2025
වැඩබලන ඇමතිවරු හතරක් පත් කරයි ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන කාලවකවානුව සඳහා වැඩ බැලීමට අමාත්‍යවරුන් හතර දෙනකු පත්කර තිබේ. 10 February 2025
නොරොච්චෝලේ පටන්ගන්න දින තුන හතරක් ගතවෙයි ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොලේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලි බිඳ වැටීම නිසා අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන නැවත ක්‍රියාත්මක කිරීමට දින තුනක් හෝ හතරක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පවසති. 10 February 2025
සීසර්ලා ගිය වසරෙ වාහන 2000ක් උස්සලා කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ දෙදහසක පමණ ප්‍රමාණයක් පසුගිය වසරේදී අත්පත් කරගෙන ඇති බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය. 10 February 2025
බිත්තර - කුකුළු මස් මිල පහළට බිත්තර සහ කුකුළු මස් මිල සිල්ලර වෙළෙඳපොලේ මිල පහත බැස ඇතැයි කුකුලන් ආශ්රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ පවසති. 10 February 2025
රෝහල් මානසික නිදහස දෙන තැන් විය යුතුයි රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල සේවාවක් පමණක් නොව රෝගියාට මානසික නිදහසක් ලබාදිය යුතු ස්ථානයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 10 February 2025
හොර බිඩි නිෂ්පාදන කම්හලක් වටලයි දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ බීඩී නිෂ්පාදන මධ්‍යස්ථානයක් වටලා රුපියල් ලක්ෂ පහකට අධික ව්‍යාජ බීඩි සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ඇසුරුම් රැසක් අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 10 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025