
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
එකම ලියාපදිංචි සහතිකයෙන් යතුරුපැදි දෙකක් විකුණූ පුද්ගලයන් දෙදෙනකු සහ හොර එන්ජින් නම්බර් කොටන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව වාරියපොල පොලිසියේ අපරාධ අංශය කියයි.
මොවුන් කාලයක සිට යතුරුපැදි සොරකම් කර වෙනත් ලියාපදිංචි අංකවලට හරවා එම ලියපදිංචි යතුරු පැදිවල එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර විකුණන ජාවාරමක නිරත වී ඇතැයි පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වාරියපොල පොලිස් වසමේ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී කරන ලද විමර්ශනයකින් මෙම තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී එකම ලියාපදිංචි අංකය සහිත යතුරුපැදි දෙකක්ද අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ ලෙස එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කරන පුද්ගලයාද එම කටයුතු සඳහා භාවිත කරන මෙවලම් කට්ටලක්ද සමග අල්ලා ගැනීමට පොලිසියට හැකිවී ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් කුරුණාගල බෝයගනේ, මල්කඩුවාව සහ වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යතුරු පැදි ජාවාරමක් එළියට