IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ජනපති වැවිලි සමාගම් නියෝජිතයන් කොළඹට කැඳවයි

(අංජුල මහික වීරරත්න)

යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී අද(13) පස්වරුවේ පැවැත්විණි. 

පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය  පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය.

වැවිලි කර්මාන්ත කරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද වැවිලි සමාගම් නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

වැවිලි කර්මාන්තය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මෙහිදී පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ඊට අදාළ රජයේ දායකත්වය උපරිම වශයෙන් ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙම සාකච්ඡාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ වැවිලි සමාගම් නියෝජිතයෝ ක්ෂේත්‍රයේ උන්නතියට අදාළව සිය අදහස් සහ යෝජනාද ඉදිරිපත් කළහ. 

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ  කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස,  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති,  කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහුද, ලංකා වැවිලි කරුවන්ගේ සංගමය, ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය, Agarapatana & Kotagala Plantation PLC, Kelani Valley Plantation PLC, Malwatte Valley Plantation PLC, Balangoda Plantation PLC, Browns Plantation PLC, Kahawatte Plantation PLC, Kegalle Plantation PLC, Agalawatta Plantation PLC යන වතු සමාගම් නියෝජනය කරමින් නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 



අදහස් (2)

ජනපති වැවිලි සමාගම් නියෝජිතයන් කොළඹට කැඳවයි

මලයනාඩු බයියා Tuesday, 14 October 2025 01:29 AM

මාලුවා නහින්නෙ කට හින්දා කිව්වලු.

:       0       3

Nishan Tuesday, 14 October 2025 06:04 AM

ඉස්සෙල්ලා ඔවුන් සමග සාකච්චා කරලා එපැයි වතු කම්කරු පඩි වැඩිවීම පොරොන්දු වෙන්න. එහේ ගිහින් ඒ මිනිස්සුන්ට පොරොන්දු වෙලා ඉවර වෙලයි හාම්පුතාලා එක්ක කතා කරන්නේ. ඔය සාකච්චා කාලයක් තිස්සේ කෙරුනා. ආදායම නැති නිසයි පඩි වැඩි කරන්න බැරි කියලා හාම්පුතුන් ඔප්පු කරලම පෙන්නලා තියෙන්නේ. ඇයි බැරි ආණ්ඩුවේ සල්ලි වලින් පොරොන්දුව ඉටු කරන්න. කයිවාරු ගැහුවා නම් ඒ විදියට වැඩේ කරන්න කෙඳිරි නොගා.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 888 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 988 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site