
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂ වල අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් වෙයි. මේ ස්ථාවරයට පැමිණෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලා සිටිමු.
එලෙසම ඉහත පරමාර්ථය ඉෂ්ඨ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන්ද අපි කැප වී සිටින්නෙමු.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා අපි සහභාගී වන්නෙමු. අනෙකුත් දේශපාලන පක්ෂ සමගද අප පක්ෂ සාකච්ඡා කළ යුතුව පවතී.
තවද අප පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද එකඟත්වය පළ කරන්නෙමු.
සමගි ජනබලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම එකතු වෙලා වැඩ කරන්න ඕනෑ... ආණ්ඩුව හදන්නේ චීන ක්‍රමයේ ඒකාධිපති ආණ්ඩුවක් හදන්න...
එකතු වුණාම කොහොමද බහු වෙන්නේ...? අපිව ගොනාට අන්දන්නද යන්නේ?
මොන ක්‍රමය ආවත් වැඩක් නැහැ... ඒ හොර හැත්තත් එක්කලා. මේ එකතු වෙන්න කියන්නේ.... බෙදිලා ඡන්දය ඉල්ලලා ඡන්දෙන් පස්සේ එකතු වුණාම දෙන තනතුරු, වරප්‍රසාද ගැන කතා කරගන්න. අපි මේ බෝලය හොදට ගිලලා ඉන්නේ...
එකතු වෙන්න කියන්නේ හොන්දකට නම් නොවෙයි. කරකියා ගන්න දෙයක් නැතුව, බලය නැතුව ඉන්න දූශිත දේශපාලුවෝ හදන්නේ ආණ්ඩුවට කෙළින්න...