
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අළෙවි කිරීමේ සතිය ආරම්භ කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැලඳවීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) සිදු විය.
ශ්රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති නිල්මිණි සමරවීර මහත්මිය විසින් කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පලඳවනු ලැබීය.
අනතුරුව, සුදු සැරයටි දිනය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි සම්මේලනයේ නියෝජිතයන්හට සුදු සැරයටි පිරිනැමීමද ජනාධිපති ලේකම්වරයා අතින් සිදු කෙරිණි.
කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන බව එම සංගමයේ සභාපතිනිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සහකාර ලේකම් චමීර පුබුදු කුමාර මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

2025 ඔක්තෝබර් මස 08
1390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1281
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා ඉන්ෂුවරන
සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට