
(අංජුල මහික වීරරත්න)
රජය පවතින තුරු පුරවැසියන්ට සහ වෘත්තිකයින්ට තම රාජකාරිය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා දෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ යුක්තිය පසිඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 202 ක මුදලක් වැය කරමින් අභිනවයෙන් ඉදි කරන ලද පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
නොරොච්චෝල විදුලි බලාගාරයෙන් ඉවත් කරන ලද අළුවලින් සකස් කළ ගඩොල් භාවිතා කරමින් මෙම අධිකරණ ගොඩනැගිල්ලේ ඉදි කිරීම් සිදු කර ඇති අතර අධිකරණ අමාත්‍යවරයා ඉදි කිරීම් සිදු කළ පෙදරේරු මහතා සමඟ හමුවී සුහද කථා බහක ද නිරත විය.

2025 ඔක්තෝබර් මස 08
1388
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1281
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොරොච්චෝල බලාගාරයේ අළු වලින් අධිකරණයක් හදයි