
(සුජිත් හේවාජුලිගේ)
දූෂණයෙන් ලංකාව සිටින්නේ එකසිය විසි වැනි ස්ථානයේ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.
ලංකාවේ බොහෝ මිනිසුන් අවංක නැතැයි පැවසු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රටේ දූෂණය ඉහළ යෑමට එය ප්‍රධාන හේතු සාධකයක් බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය. අල්ලසට ලේබල් වැදුණු ආයතනවලිනුත් තමාට දේශන පැවැත්වීමට එන්නැයි ආරාධනා කරන බවද හෙතෙම සඳහන් කළේය
රංග දිසානායක මහතා මෙසේද පැවසීය
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය රටවල් 180ක් අරගෙන දූෂණය පිළිබඳව නිර්ණායකයක් හදනවා. දූෂණය අඩුම රට අංක එක නම් දූෂණය වැඩිම රට අංක 180. ලංකාව ඉන්නේ එකසිය විසි එකේ.
සමහර ආයතනවලින් අද සල්ලි නොදී වැඩ කරගන්න බැහැ. අල්ලසට ලේබල් වැදිච්ච අායතනත් දේශන තියන්න එන්න කියනවා. මං ඇහුවා මොකටද එන්න කිව්වේ කියලා. අල්ලස් ගත්තම වෙන්නෙ මොනවද කියලා දන්නේ නැද්ද කියලා අැහුවා. ඒ නිසා මගේ දේශනා අනවශ්‍යයි කිව්වා. තමන් ගෙදර ගිහිල්ලා රෑට නිදාගත්තම මොකද කළෙ කියලා හිතා බලන්න කියලා කිව්වා. කීයක් ගත්තද. කාගෙන්ද ගත්තේ කියල හිතන්න කියලා.
මීට මාස තුන හතරකට ඉස්සෙල්ලා මෝටර් රථ පවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ කබඩ් එකේ තිබිලා ලක්ෂ 41ක් හොයා ගත්තා ගත්තා. ඒ සතියේ අල්ලසේ කලෙක්ෂන් එක, මේ ඔක්කොම සිකුරාදට බෙදා ගන්නවා. කෝ ඒ ඒකකයේ දූෂණ විරෝධීන්. ඒක තමයි මේකෙ ඇත්ත තත්වය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දූෂණයෙන් ලංකාව 120 තැනට
Lalla Wednesday, 15 October 2025 10:20 PM
අල්ලස් මුල් ඇද ගත්තු ආයතන වල නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කරනවා නම් බොහෝ දුරට අල්ලස් නවත්තන්න පුලුවන් නේද? ආගමන විගමන, දේශීය ආදායම්, රේගුව, මෝටර් රථ ප්‍රවාහන වගේ ආයතන ගැන කියන්න දෙයක් තියෙනවද?
UPUL Thursday, 16 October 2025 04:01 AM
ඕක අපිට කියන්නේ ඔයා මොකද්ද ඒකට කලේ
Nishan Thursday, 16 October 2025 05:10 AM
ඕවා කිව්වා කියලා තමුන්ගේ දූෂණ චෝදනා යටපත් වෙන්නේ නෑ. තමුන් පත් උනු විදියම දූෂිතයි. ඒ දූෂිතකම් නිසා තමයි ලංකාව තව තව උඩට එන්නේ ඔය ලයිස්තුවේ.
Nalin Thursday, 16 October 2025 05:53 AM
මොනවා චෞර වලල්ලත් නැතුව... දැන් වල්පල නැහැනේ. මල් පැලනේ තියෙන්නේ.
ලුම්බිණි Thursday, 16 October 2025 07:06 AM
2022 ලංකාව හිටියේ 101 වැනි රට වශයෙන් . 2023 එය 115 උන අතර දැන් (2024) 121ට බැහැල . ඒ කියන්නේ වංචා දුෂණ ක්‍රමයෙන් වැඩි වෙනවා කියන එක . අපි බලමු 2025 වෙනකොට තත්වය වෙනස් වෙයිද කියල .
අරුණි Thursday, 16 October 2025 01:14 PM
අල්ලස් හෝ දූශණයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ලොකුම වංචාවකින් පත්වූ කළ මේ මොන විහිළු කතාද?