IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වසන්ත ගිය ජිනීවා වෙළෙඳ සැසිය ඇරැඹේ

(අංජුල මහික වීරරත්න)

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙහි (TPR) පළමු සැසි වාරය ආරම්භ විය.

වෙළෙඳ, තීරු බදු, සේවා සහ ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක පිලිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව ලැබිණු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් ඉදිරියේ සමාලෝචනයට ලක් වීම ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස දැක්විය හැකි අතර මෙය ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සමඟ නැවත සම්බන්ධ වීමේ තීරණාත්මක අවස්ථාවක්  සනිටුහන් කරන බවද අමාත්‍යවරයා කියයි.

ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති වල ධනාත්මක වර්ධනයන්, ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් ගෝලීය වෙළෙඳ හවුල්කරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළඳ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන චීනය, ජපානය, සිංගප්පූරුව, නවසීලන්තය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 20කට අධික සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති ප්‍රශංසනාත්මකව මෙහිදී අගය කිරීම  විශේෂත්වයක් ඇමතිවරයා කීය.

වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙ හි දෙවන සැසිවාරය මෙම 17 වන දින පැවැත්වෙ.එහිදී ශ්‍රී ලංකාව WTO සාමාජිකයින්ගේ සවිස්තරාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත.

මෙම වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනයන් හි නිලධාරීහු සහභාගී වී සිටිති.



අදහස් (3)

වසන්ත ගිය ජිනීවා වෙළෙඳ සැසිය ඇරැඹේ

නිමෝදි නංගි Thursday, 16 October 2025 09:24 AM

වසන්ත අයියා හරි නරකයි. ඉන්නකො, ඔයා ආපහු ආවහම මං හොඳ වැඩක් කරන්නංකො.

:       2       8

Mawellk Thursday, 16 October 2025 10:08 AM

වසන්ත ඇමැතිතුමා, ඔය සම්මේලනය පවත්වන්නේ සිංහලෙන් නෙවේ.

:       3       6

Hira Thursday, 16 October 2025 12:50 PM

වැඩක් නොකළත් කළා වගේ පට්ට ටෝක් ටිකක් දෙයි මීඩියා වලට... රට එතැනමයි. වසන්ත ගොඩ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site