
(අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
මාර්ග අනතුරු හේතුවෙන් වසරකට 2500 කට පමණ ජිවිත අහිමි වන බවත් එම සංඛාව මෙන් දස ගුණයක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන බවත් අමාත්‍යංශයේ සඳහන් කරයි.
සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ දී 2030 වසර වනවිට මෙරට මාර්ග අනතුරු සංඛ්‍යාව 2020 වසරට සාපොක්ෂව සියයට 50 කින් අඩු කර ගත යුතු වන අතර, එය අභියෝගාත්මක ඉලක්කයක් බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට හදිසි අනතුරු ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව 2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ “ගෝල්ෆේස්” හෝටලයේ දී හෙට(17) පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහමග අනතුරු වලින් වසරකට 2500ක් එලොව යති
පිටරැටියා Thursday, 16 October 2025 02:45 PM
ලෝකේ කිසිම රටක ලන්කාවේ තරම් මාර්ග අනතුරු සිද්ද වෙන්නේ නැතුව ඇති. මේවාට හේතු සොයා පිළියම් යෙදීමයි කළ යුත්තේ....
ගුණරත්නThursday, 16 October 2025 03:11 PM
මොන පිළියම් ද? ආණ්ඩුව වාහන කියන්නේ රත්රන් බරට තරම් මිල වැඩි කළ නිසා මිනිස්සු ළදරන් අටවාගෙන දුවනවා. ඩීසන් රටක තලලා යකඩ වලට විකුණන වාහන මෙහෙ විකුනන්නේ අලුත් එකක් ගන්න පුළුවන් මිලකට. ඉතින් කොහොමද අනතුරු අඩු කරන්නේ. පහුගිය කාලේ වුණු අනතුරු විශේෂයෙන් බස්රථ ටිපර් ලොරි අනතුරු හැම එකක්ම වෙලා තිබ්බේ බ්රේක් නැතිවීම, වාහනය ගෙවිලා බ්රේක් පයිප්ප දිරලා බුෂ් වොෂර් ලීක්වෙලා බ්රේක් නැති වෙනවා. අන්තිමේ එක පොඩියට දහ පහළොව මැරිලා යනවා...
Frencis Fernando Thursday, 16 October 2025 04:47 PM
බොහෝ අනතුරු වලට හේතුවෙන්නේ ත්‍රීවීලර් කාරයෝ හා යතුරුපැදි කාරයෝ කරන වැරැදියි කියලා ඕනම කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් සිග්සැග් ක්‍රමයට යන යතුරුපැදි කාරයොත් තමන්ට යාහැකි පැයට කිලෝමීටර් 45 ක් ඉක්මවා 70-80 ටත් යන්නෙ හෝන් එක උඩම සිටගෙනද කියලා හිතෙනවා. ඊළගට ටිපර් කාරයෝ මහ භයානකයි...
විපරමා Thursday, 16 October 2025 05:08 PM
ගුණරත්නයා කියන්නේ මොලේ උඩ ඉන්න කෙනෙක් වගේ? රියදුරන්ගේ නොසැලකිලිමත් කමින් සෑහෙන අනතුරු වෙනවා .E.M.V ලට පගාව දීලා රියදුරු බලපත්‍ර ගත්තු අය ගැනත් කව්ද නොදන්නේ?