IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොඩ්ඩා කළ වැඩේ වසන් කළ ලොක්කාගේ වැඩ තහනම්

(ගයාන් සූරිය ආරච්චි)

කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 6 වෙනි මහලේ විදුලි රැහැන් කපා තඹ කම්බි සොරකම් බව කියන පොලිස් සැරයන්වරයකු සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගෙන එම අපරාධය සැඟවීමට උත්සාහ කළ එම නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ දකුණා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ බම්බලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව  කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

එම සොරකම සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී පා සටහන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම සොරකම පොලිස් සැරයෙන්වරයකු විසින් සිදු කර ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කර ගැනීමක් සිදුකර නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මුල් තොරතුර  ලද අවස්ථාවේදීම නිසි විමර්ශනයක් සිදු නොකිරීම සහ එම අපරාධය සැඟවීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් එම වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනමට ලක් කළ බව පොලිසිය පවසයි.

 

 

 



අදහස් (2)

පොඩ්ඩා කළ වැඩේ වසන් කළ ලොක්කාගේ වැඩ තහනම්

සිසිල් සුදේශ් Thursday, 16 October 2025 09:17 AM

එතකොට හොරා? තාම යහතින් ඉන්නවද?

:       1       17

Niranjala Friday, 17 October 2025 08:03 AM

ඔය ⁣ වගේම තමයි කසිප්පු අල්ලන්න ගිහින් උගෙන් සල්ලි අරගෙන එන නිල6 ගේ සේවය තහනම් කරන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site