IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හරිනි දිල්ලියේ දී බාලේ උගත් ඉස්කෝලේ බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  ධූරයට පත්වීමෙන් පසු පළමු  ඉන්දීය නිල සංචාරය සනිටුහන් කරමින් අද (16)නවදිල්ලි නුවරට ළඟා වූවාය.

එහිදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය ඇතුළු  නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු අගමැතිනිය පිළිගත්හ.

මෙම සංචාරය අතරතුර,  අග්‍රාමාත්‍යවරිය ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා  පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍යවරිය 2025 NDTV ගෝලීය සමුළුව  සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී ඇය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය මෙහිදී තමා ඉගෙනුම ලැබූ  හින්දු විද්‍යාලය නැරඹීමට ද එක් වනු ඇත. 

එමෙන්ම, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වාණිජ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කරමින් ව්‍යාපාරික වැඩසටහනකට සහභාගී වීමට අපේක්ෂා කරයි.



අදහස් (15)

හරිනි දිල්ලියේ දී බාලේ උගත් ඉස්කෝලේ බලන්න යයි

sepali Thursday, 16 October 2025 10:39 AM

පරන පාසල බලන්න යනවා කියන්නේ පුද්ගලික ගමනක්. ඒක කොහොමද රජයේ වියදමින් ගිය ගමනක් අතරේ යන්නේ. රනිල්ව අත් අඩංගුවට ගත්තෙත් ඔහොම ගිහින් කියලා. දැන් අගමැතිනියවත් ඇතුලට ගනීවිද දන්නේ නෑ ඒකම කරලා.

:       25       46

අරවින්ද මොණරවිල Thursday, 16 October 2025 11:35 AM

සේපාලි ලංකාදීප පාඨක ප්‍රතිචාර වල ඉදන් කෙදිරි ගාන්නේ නැතුව අල්ලස් හා දූෂණය විමර්ශන කොමිෂන් සභාවට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න, ඔයා වගේම අනිත් වහලුන්ටත් ආස ඇති ඒ ගැන දැන් ගන්න.

:       36       25

SumanasiriThursday, 16 October 2025 05:10 PM

නමින් රෝසමලක් වුණාට වඩා හා අදහස් වටින්නේ නෑ.

:       1       1

ruwanThursday, 16 October 2025 06:06 PM

වහලා කවුද කියලා හොදටම පැහැදිලියි අරවින්ද?

:       2       6

ගුණරත්න Thursday, 16 October 2025 11:07 AM

ජවිපෙ සාමාජිකාවක් වුනාට එතුමියට සෑහෙන අවස්ථා ලැබිල තියෙනවා, මේ ගමේ දුප්පත් කෙල්ලක්ට නම් ඉතින් ඕව හීන

:       25       23

senaThursday, 16 October 2025 11:49 AM

එතුමිය ජවිපෙ සාමජිකාවක් නෙවෙයි

:       5       21

suddaThursday, 16 October 2025 11:50 AM

ඇත්ත කතාව​. කොලඹ කොල්ලුපිටියේ බිශොප් විදුහලේ ඉගෙනගෙන ඇමරිකාවේ අවුරුද්දක් ඉගෙනගෙන​, ඉන්පසු ඉන්දියාවේත් ඉගෙනගෙන තියෙන්නේ. ඔය ඔක්කොම පොහොසතුන් කරන දේවල්. එහෙම අයට ඒ කාලේ ජේවීපී එක වයිර කරා. නමුත් දැන් එතුමිය තමන් ට ඔය අවස්තා ලැබුනු හැටිවත් කියන්නේ නෑ තව කෙනෙක්ටත් ගන්න හිතන්න​.

:       9       24

LasanthiThursday, 16 October 2025 05:13 PM

එහෙම කෙනෙක්ද මේ ලංකාවෙ අධ්‍යාපනය හදන්න ඇවිල්ලා තියෙන්නේ... බොහෝම හොදයි.

:       3       5

පිටිගල මිලානෝ Thursday, 16 October 2025 12:39 PM

සේපාලි… අර අප්පච්චි කියන එකා සහ එයාගේ සනුහරේ හොරකම් කලේ ඔය ගොල්ලන්ගේ සල්ලි කියන එක තවම තේරෙන්නේ නෑ නේද…?

:       23       13

Asela Thursday, 16 October 2025 01:12 PM

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික මෝඩයෝ සහ ඔවුන්ගේ වහල් අනුගාමිකයන් / එන්පීපී බයියෝ ඉතා පහත් මට්ටමේ පෞද්ගලික දේවල් පසුපස හඹා යති. අපි ඇගේ පෞද්ගලික දේවල් ගැන තැකීමක් කරන්නේ නැහැ. වැදගත් වන්නේ මේ කාන්තාව අගමැතිනිය ලෙස රට වෙනුවෙන් කරන දේයි. ඇය දැනටමත් ඒ හා සමානව වැඩකට නැති පොල්රාජ් සමඟ වඩාත්ම සංවේදී විෂයයන් සහ කාරණා අවුල් කර ඇත.

:       6       19

Bunny Preena Thursday, 16 October 2025 01:17 PM

ඔබතුමිය සමග එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ මිතුරු මිතුරියනුත් මුණ ගැහෙන්න හොද අවස්ථාවක්...

:       5       10

sankaThursday, 16 October 2025 10:06 PM

මම හිතන්නෙ නෑ එයා එක්ක ඉගෙන ගත්තු අය තවම ඒ පන්ති වලම ඉගෙන ගන්නවා ඈති කියලා. හරිනිටත් දැන් වයසිනේ. ;-)

:       0       1

Malima gona Thursday, 16 October 2025 03:11 PM

ඉතින් අපිට පාන්ද?

:       2       4

Gagana Thursday, 16 October 2025 03:17 PM

හොදට හතර දික්භාගේ රවුම් ගහලා එන්න ඕනේ හරිද? කොච්චර ආඩම්බරයක්ද ඩෝබිලාට

:       2       11

sepa Thursday, 16 October 2025 03:17 PM

පිටිගල මිලානෝ සහ අරවින්ද මොනරවිලට රිදුනාට කරන්න දෙයක් නෑ. මේ පෙන්වන්නේ යතාර්ථය​. උසස් තැනකට ගිය කෙනෙක්ව පිටරටකට ගියා වුනත් පිලිගන්නේ ඒ කලින් හිටපු තැන දැන් ඉන්න අයට ආදර්ශයක් නිසාත් එයින් ඒ ආයතනයට තවත් පිලිගැනීමක් එන නිසාත්. රනිල් සහ හරිනි එකම දේ කරලා රනිල් වැර්දියි හරිනි හරියි කියන්නේ යුක්තිය නැති කිරීමක් පමණයි. ඒ බව සැඟවීමට හේතුවක් තියනවද​? මෙතැන විතරක් නොවෙයි, යහපාලන කාලෙත් ඔය දේ වුණාම මම ලියලා තියනවා. ලොකු වැරැදිවලට යහපාලන රජයේ අයට පැය දෙකෙන් ඇප අනික් අයට දවස් ගණන් රිමාන්ඩ්. හිරුනිකා පැය දෙකෙන් එළියේ සහ ජනාධිපති මයිත්‍රීගේ සොහොයුරා එලියේ සිටීමත් ලාල් කාන්ත දවස් ගණන් රිමාන්ඩ් හිටපු එකත් ඒ වගේ වැරැදි තමයි. ඒවාටත් අපි ලිව්වා. ඔයාලා කොහේද එතකොට හිටියේ. මෙතන රාජපක්‍ෂලා ගැන කතාකරලාවත් නෑ. මෙතැන තියෙන්නේ කවුරුකරත් එක හැන් දෙන් බෙදන්න කියන එකයි. අනික ඔයාලාගේ පක්‍ෂය බලයට ආවේ රනිල් සහ රාජපක්ෂ කට්ටිය කරපු දේ ආයේ කරන්නේ නෑ කියලනේ. මට නම් පුද්ගලිකව හරිනි කරපු දේ වැරදි කියලා පේන්නේ නෑ නමුත් ඊයෙ පෙරේදා රනිල්ට කරපු දේ නිසා ඒකම දැන් රටේ දෙවෙනි පුරවැසියා කරාම හරිද කියලා හිතුණා...

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site