
(මොහොමඩ් ආසික්)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහයකට අද (16) වනදා දක්වා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව,ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල,මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ අලව්ව මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ සහ අඹන්ගඟ කෝරළය සහ මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය පැය 24 කාලය තුල මෙම ප්‍රදේශවල වර්ෂාපතනය මිලි මීටර් 75 ඉක්මවා ඇති බැවින් තව දුරටත් වැසි පවතීනම් නාය යෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට උපදෙස් ලබා දෙයි.
මෙලෙස නිකුත් කර ඇති මෙම නිවේදනය 2025.10.16 වන දින රාත්‍රී 7.30 දක්වා වලංගු වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
2025 දෙසැම්බර් මස 04
759
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නාය අනතුරු නිවේදනයක්