IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මන්ත්‍රී පඩි පක්ෂවලට ගනු බෑ: යෝජනාවක් මැතිසබේට


(සුජිත් හේවාජුලිගේ )

දේශපාලන පක්ෂ  මහජන නියෝජිතයන්ගේ වැටුප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය එම පක්ෂවල අරමුදල්වලට  බැර කර ගැනීම නතර කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී  යෝජනාවක්  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මහජන නියෝජිතයන්ගේ මාසික වැටප්  දීමනා සහ වාහන බලපත්‍ර ආදිය පක්ෂ වලට ලබා ගැනීම මහජන නියෝජිතයන්ගේ ස්වාධීනත්වය අහෝසි වන ක්‍රියාවලියක් වන හෙයින් එය ප්‍රජාතන්ත්‍රවාදයටද  අභියෝගයක් බව   යෝජනාවේ සඳහන්වේ

පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට  ඇතුළත් කරනු ලැබ ඇති මෙම යෝජනාව    ඉදිරි දිනක විවාදයට ගැනීමට නියමිතය.



අදහස් (12)

මන්ත්‍රී පඩි පක්ෂවලට ගනු බෑ: යෝජනාවක් මැතිසබේට

Perera Thursday, 16 October 2025 10:06 AM

ඕනෑම කෙනෙක් පඩිය ගත්තට පස්සේ එකත් එක්ක කරනේ මොනවද කරන්නේ කියලා කාටවත් තීරණය කරන්න නීතිය දාන්න බැහැ.

:       5       51

Nimal Thursday, 16 October 2025 10:28 AM

එතකොට මහජන මුදල් හොරා කන එක ගැන මොකද කියන්නේ?

:       4       51

Fernando Thursday, 16 October 2025 10:46 AM

මෙවර පරාජයට පත්වුනත් කවදාහෝ මෙය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යම දෙයක් තමයි

:       46       14

රිලාසිරිThursday, 16 October 2025 11:48 AM

දුගියන්ට හදපු ජනාධිපති අරමුදල ඇති හැකි උන් කොල්ලකන එකට නීති එපෝ!!!

:       5       42

wedage Thursday, 16 October 2025 11:33 AM

පක්ෂවලට දෙන්න පුළුවන් නේද? පඩි අරගත්තා ඊටපස්සේ දුන්නා.

:       4       31

ලොක්ක Thursday, 16 October 2025 12:02 PM

මේ මිනිහ කරන්නෙම බොරු , තමන්ගෙ පඩිය තමන්ට ඕන තැනකට දෙන්න පුලුවන් , ඒක තමන්ගෙ අයිතිය

:       3       32

Mohan Thursday, 16 October 2025 01:35 PM

රිලාසිරි බැංකුවලට පොලු තියපු අයටත් ඒකට යෝජනා කරන්නකෝ...

:       2       21

පොඩිඑකා Thursday, 16 October 2025 01:38 PM

පර්මිට් කෝටි ගාණට හොර මුදලාලිලාට විකිණුවාට කමක් නැද්ද රිලාසිරි උන්නැහේ...?

:       0       24

කපුරුහාමි Thursday, 16 October 2025 03:09 PM

එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු ආත්මාර්තකාමි අවස්තාවාදී, බලලෝභී, බඩගෝස්තරවාදී, දේශපාලුවෙක්... තමුන්ගේ වැදිබණ අහන්න දැන් කව්රුවත් කැමැති වෙන එකක් නැහැ.

:       1       16

අබා Thursday, 16 October 2025 08:13 PM

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ දැන් දැන් තමාගේ මොලය‌ කොලොප්පන් ස්වභාවයක් ගන්නා නිසා මෙවන් අදහන් නිරන්තරයෙන්ම පහළ වන බවයි.

:       0       6

chinthana Friday, 17 October 2025 09:35 AM

පක්ෂයක සාමාජික මන්ත්‍රීලා කොහොමද ස්වාධීන වෙන්නේ ? ඔවුන් පක්ෂයේ සාමූහික තීරණවලට යටත්. ස්වාධීන වෙන්න නම් අර්ජුන වගේ ස්වාධීන මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕන.

:       0       0

ලූට මූස් Saturday, 18 October 2025 11:48 AM

රිලා පැටියා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට කියලා ආයේමත් රෙද්ද ඔලුවෙන්ම ගලෝගන්න යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site