IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තිස් දාහේ පඩි දෙනවාදැයි ආණ්ඩුව හෙවිල්ලෙන්

(අංජුල මහික වීරරත්න)

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම චේතනය (සංශෝධන) පනත, 2025 අංක 09 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත සහ 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනක 2025 -04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2025-07-22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත. 

එකී විධි විධාන අනුව 2025 -04-01 වන දින සිට මාසික අවම චේතනය රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා වැඩි වන අතර, 2026-01-01 දින සිට මාසික අවම චේතනය රුපියල් 30,000 දක්වා වැඩි වේ. එලෙස මාසික අවම වේතනය වැඩි කිරීම සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගත යුතුව ඇත. 

එමෙන්ම, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ නිරත කරනු ලබන සේවකයන් සම්බන්ධයෙන් ආසන්නතම සේවා යෝජකයා මෙන්ම අවසාන සේවා යෝජකයා ද ඇතුළුව සෑම සේවා යෝජකයෙක්ම එකී නියමයන්ට යටත්ව පියවර ගැනීම සඳහා නීතියෙන් බැඳී සිටී. 

එම විධි විධාන ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු කොමසාරිස් ජනරාල් වෙත බලය පැවරී ඇති අතර, ඒ අනුව එම විධිවිධාන පිළිබඳව පුවත්පත් දැන්වීම මඟින් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. මෙම තොරතුරු කම්කරු අමාත්‍යවරයා  විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කරන ලදුව, එම විධි විධාන නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.



අදහස් (0)

තිස් දාහේ පඩි දෙනවාදැයි ආණ්ඩුව හෙවිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site