IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


සෑම අතකින්ම රට ව්‍යාකූල වෙලා

(නිමල කොඩිතුවක්කු)

මාලිමා පාලනය යටතේ  සෑම අතකින්ම රට ව්‍යාකූල වී ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ඇත්තේ පීඩාකාරී රාජ්‍ය පාලනය පමණක් යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවගේ කර පිට පීඩනය අසහනය පැටවීම නිසා මේ මොහොත වන විට රටේ දුප්පත්කම 50% දක්වා වර්ධනය වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ මතුගම නගර සභා ශ්‍රවණාගාරයේ දි මතුගම ප්‍රදේශයේ ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය සඳහා වන ජන හමුවක් හා එක්වෙමිණි.

රට මුහුන පා ඇති බරපතලම ගැටලුව වන්නේ 2028 ණය ගෙවීම බවත් වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට නම් විදේශ සංචිත ඉහළ මට්මක පැවැතිය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.

මාලිමා රජයට ආර්ථිකය වර්ධනය කරන්නට හැකියාවක් පැහැදිලි වැඩපිළිවෙළක් කණ්ඩායමක් දැක්මක් නොමැති බවත් ආර්ථික සැලසුමක් නොමැති නිසා රට ඉබාගාතේ යන බවත් ප්‍රේමදාස මහතා කීවේය.



අදහස් (18)

සෑම අතකින්ම රට ව්‍යාකූල වෙලා

ලොක්ක Monday, 13 October 2025 04:40 PM

කට ඇරියොත් කියන්නෙ ටොන් පචයක් , මොහුට මෙරට බලය ලැබුන නම් මේ රටේ අවසානය එයයි

:       0       5

අරවින්ද මොණරවිල Monday, 13 October 2025 04:41 PM

පිස්සෙක් ඔබ අමතයි......

:       0       5

Padmini Premalatha, Hatton Monday, 13 October 2025 04:57 PM

ස්වයං විවේචනයක් වගේ අපිටනම් ඇහෙන්නේ. ඇහේ පරාල අයින් කරන විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න.

:       0       18

Padmini Premalatha, Hatton Tuesday, 14 October 2025 02:39 PM

හැටන් වලට ආවේ බටලන්දේ ඉඳල කියන එක නමේ ලියපු එක කැපුවේ ඇයි?

:       0       4

pradeep Monday, 13 October 2025 05:04 PM

ඔයාලට නම් හොරා කන්න හොඳ වැඩ පිළිවෙලක් තිබුණා නේද?

:       0       5

C.K.Lankaputhra Monday, 13 October 2025 05:42 PM

අනේ මහත්තයෝ නිකන් කට මැත දොඩවන්නෙ නැතුව ඉන්න. ඔබ තුමා කරන හැටි ඔබ තුමාගේ වර්තමාන වැඩපිලිවෙලින්ම අපට පේනවා.

:       0       5

Mahajanathawa Monday, 13 October 2025 06:21 PM

තවත් විහිළු කරන්න එපා....... විහිළුකාරයා........

:       0       6

Neel Monday, 13 October 2025 06:27 PM

ඔබ කියන විදියට ණය මුදල් ඉදිරියේදී ගෙවන්න . වෙනවා පවතින ආන්ඩුවට ඒක ඇත්ත. නමූත් එපමන ණය අරගෙන ආදායම් ලැබෙන තැන්වල ආයෝජන කලාද පසුගිය ආන්ඩුවල හිටපු නායකයෝ නැහැ නේද. එහෙම තියේද්දි ඔයා හොරුන්ගේ කරේ අතදාගේන මොකද ඔයාටත් තිබෙනව කේස් ෆයිල් එකක් .ඒකෙන් බේරේන්නද. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත .මතක තියාගන්න ඊළඟ වතාවේ ඇපත් නැහැ.

:       0       4

කපුරු හාමි Monday, 13 October 2025 06:40 PM

අපිට නම් කියන්ඩ තියෙන්නේ කලින් හිටපු දූෂිත ආණ්ඩු සහ පවුල් පාලන ආණ්ඩු වලට වඩා ජනතාවාදී මාළිමා ආණ්ඩුව රට වෙනුවෙන් වැඩක් කරනවා කියලා..ඇස් කන් නැති විපක්ෂයේ උදවිය ගැන කවර කතා ද?

:       0       3

කපුරු හාමි Monday, 13 October 2025 06:40 PM

අපිට නම් කියන්ඩ තියෙන්නේ කලින් හිටපු දූෂිත ආණ්ඩු සහ පව්ල් පාලන ආණ්ඩු වලට වඩා ජනතාවාදී මාළිමා ආණ්ඩුව රට වෙනුවෙන් වැඩක් කරනවා කියලා..ඇස් කන් නැති විපක්ෂයේ උදවිය ගැන කවර කතා ද?

:       0       2

Perera Monday, 13 October 2025 11:50 PM

ඔහේගේ පක්ෂයේ ව්යාකුලත්වය ගැනත් ඔය ගමන්ම කියන්න.

:       0       4

Nihal Tuesday, 14 October 2025 12:07 AM

පියා ගැනනේ කියන්නේ

:       0       3

Nishan Tuesday, 14 October 2025 06:30 AM

ලක්ෂ 68 ක ජනතාවගේ මානසිකත්වය ව්‍යාකූල කරලා චන්ද ගත්තා මාලිමාවේ නායකයෝ. ඊට පස්සේ බලේට ඇවිත් ආර්ථිකය, සමාජය, සංස්කෲතිය, සභ්‍යත්වය ව්‍යාකූල කලා. දැන් රටම ව්‍යාකූලයි.

:       2       1

Chani Tuesday, 14 October 2025 08:55 AM

රටනම් ව්‍යාකූල වෙලා නෑ මහත්මයෝ... ඔබතුමානම් ව්‍යාකූල වෙලා... ටිකක් සන්සුන් වෙලා හොඳ විපක්ෂයක් ගොඩනගන්න...

:       0       3

bala Tuesday, 14 October 2025 09:17 AM

ඔයායි ඔයාගෙ කොල්ලොයි තමයි මේ රටට කරදරය. රට සුමටව හා ස්ථාවරව යනවා. ඔයාගෙ ප්‍රකාශ දිහා බලද්දි මට හිතෙන්නෙ ඔයා මානසික ආබාධයකින් පෙළෙනවා කියලා

:       0       5

wedage Tuesday, 14 October 2025 09:53 AM

ඔයා අර සංස්කෘතික අරමුදලේ මුදල් වලට කළේ මොනවද කියලා පළමුවෙන්ම කියන්නකෝ.

:       0       5

Batangala Tuesday, 14 October 2025 10:32 AM

මේ බූරු වහන්සේගෙ කමෙන්ට් මිනිස්සු සත පහකට ගනන් ගන්නෙ නැහැ

:       0       4

ගමේ එකාලා Tuesday, 14 October 2025 02:31 PM

ලක් අම්මත් කිව්වනේ බයිසිකලේ පැදපු කෙනෙක් ප්ලේන් එකක් පදින්නේ කොහොමද කියලා?හිටපු දූෂිත දේසපාලුවන්ට වඩා මේ ආණ්ඩුව යස අපූරුවට වැඩ කරගෙන යන්නේ? පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව ආකූල ව්‍යාකුල වෙලා තියෙන්නේ කවුද කියන එකනම් රටම දන්නවා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 888 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 990 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site