
( ඉන්දික අරුණ කුමාර)
තෙවැනි දිනටත් මොරගහකන්ද ජලාශ පතුලෙන් තවත් ජිව පතොරම් දහකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්වී ඇතැයි ආරක්ෂක අංශ කියයි.
පසුගිය දා 11 දා මොරගහකන්ද ජලාශයේ ධිවර කටයුතු වල නිරත ධිවරයෙකු විසින් නාඋල පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනය ඔස්සේ ලබාදුන් තොරතුරකට අනුව මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහලින් සිදුකළ සොදිසි මෙහෙයුම් වල දි ජිව පතොරම් 1100 ක් සොයාගෙන තිබේ.
පසුව පොලිස්පති තුමන්ගේ විශේෂ නියෝගයක් යටතේ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් එස් කේ වික්‍රමනායක සහ මාතලේ සහකාර පොලිස් අධිකාරි 2 රුක්මාල් තෙන්නකෝන් මහත්වරුන්ගේ උපදෙස් හා සහභාගීත්වය යටතේ අද (13) දඹුල්ල, ලග්ගල, විල්ගමුව, මහවෙල, යටවත්ත සහ නාඋල පොලිස්ථාන වල නිලධාරින් සහ දඹුල්ල විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුළු ධිවර ප්‍රජාවද එක්ව අදාල පතොරම් හමුවු ස්ථානය සහ අවට ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකරන ලදි.
එහිදි පෙරවරු නවය පමණ වන විට යළි ජිව පතොරම් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
ඒ අනුව මේ වන විට මොරගහකන්ද ජලාශ පතුළෙන් සොයාගෙන ඇති ජිව පතොරම් ප්‍රමාණය 2000 ස ඉක්මවා තිබේ. අද දින හමුවු ජිව උණ්ඩ අතර ටී 56 උණ්ඩ මෙන්ම ගුවන්යානා නාශක උණ්ඩ ද පවතින බව ආරක්ෂක අංශ තවුරු කළේය.
මෙම ජිව උණ්ඩ හමුවීමත් සමග අදාල ප්‍රදේශයට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර, තවදුරටත් සොදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.



2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
908
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මොරගහකන්දෙන් තවත් ජීවපතුරොම් මතුවෙයි