IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුත් තරුණ නි,ඇමති වැඩ අරඹයි

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත්වූ දිනිඳු සමන් හෙන්නායක මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද(13) ධුරයේ රාජකාරී ආරම්භ කළේය. 

මෙහි දී අදහස් දැක් වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා  පැවසුවේ වෙනස් වූයේ වගකීම් මිස තනතුරු නොවන බවයි. 

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එරංග ගුණසේකර මහතා  ක්‍රියාත්මක කළේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත්, නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාට ද පැවරෙන්නේ එම ප්‍රතිපත්තිය මත හිඳිමින් කටයුතු කිරීම බවත් ඔහු සඳහන් කළේය. 

නව අමාත්‍යවරුන් පැමිණ සිටින්නේ වසර 5ක කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කිරීමට නොවන බව කී අමාත්‍යවරයා  මේ  සියලුම දෙනාගේ රට යැයි යන හැඟීමෙන් කටයුතු කිරීම සියලුම දෙනාට පැවරෙන වගකීමක් බව  ප්‍රකාශ කළේය. 

මෙහිදී අදහස් දක්වමින් නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් මහතා  පැවසුවේ  තරුණ කටයුතු අංශය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඔසවා තැබූ තැනින් තවත් පියවර කිහිපයක් ඉදිරියට ගෙනයාම තම අරමුණ බවයි. ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය වැනි ආයතන රටේ පොදු තරුණයාගේ ස්ථානයක් බවට පත්කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. 

 



අදහස් (0)

අලුත් තරුණ නි,ඇමති වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 105 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 908 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site