(අංජුල මහික වීරරත්න)
කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කළ බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.
නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු අද (13) සිට ක්‍රියාත්මකය.
2006 අංක 54 දරන පළාත් මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතේ 58 වගන්තිය ප්‍රකාරව සිවිල් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද නව අධිකරණය සඳහා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරු විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම් පෙරුම සහ මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහත්වරුන් පත් කර තිබේ.
අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අල්ලස් නඩු, කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහාද අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ උපදෙස්
පරිදි වෙනම අධිකරණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නඩු වැඩ ඉක්මන් කරන්න අභියාචන මහාධිකරණයක්