
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව ඇතුළේ කිසිදු අර්බුදයක් නැතැයි අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.
අලුත් කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කරනතුරු කිසිදු පුද්ගලයෙකු එය දැන නොසිටි බවත් ඇතුළ අපූරුවට තියෙන බව ඉන් හොදින් පැහැදිලි වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
"පක්ෂය ඇතුළේ අවුල් තියෙනවා නම් ඒවා පිටට යනවනේ" යැයිද අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉඩම් සහ වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාරගත් අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්න විපක්ෂයේ හාල්පාරුවෝ නැති ප්‍රශ්න මවන්ඩ හදනවා..
ආණ්ඩුව ඇතුළෙ කිසිම අර්බුදයක් නෑ. ඇත්ත. නමුත් තියෙන්නෙ ඔබතුමාලා කිසිවකුට කිසිම හිරිකිතයක් නැති එක. විලිසංගයක් නැතුව කෙබර අතෑරීම. ඊයෙ කියපු දේ අද ප්‍රතික්ෂේප කිරීම, එසේ කියුවේ නැතැයි කීම. ජනපති සිට අඩියටම යනකල් කොයි උන්දැගෙත් කතා අහනකොට සිටිසන් පෙරේරාලා වන අපට දැනෙන්නෙ එහෙමයි.
හැබෑටම සඳමාලි, ඔයාගේ වාසගම පෙරේරා ද? එතකොට පදිංචිය, දුරකථන අංකය??
කිතුළට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබුණු එකේ පච විදින උන්ට කියන්න දේවල් ඕනෑ තරම්.
අර්බුද තියෙන්නෙ රටේ ජනතාවට. ඔයාලට ඒවා දැනෙන්නෙ නෑ.