IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහනුවර පැත්තකට හෙට වතුර කපයි

(ෂේන් සෙනෙවිරත්න)

විසල් මහනුවර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (14) පෙරවරු 10.00 සිට අනිද්දා (15) පෙරවරු 6.00 දක්වා මහනුවර මහ නගර සභා සීමාවේ ස්ථාන රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව මහනුවර නාගරික කොමසාරිස්වරිය දැනුම්දෙයි.

ඒ අනුව මාපනාවතුර, වට්ටාරන්තැන්න, කුඩා රත්වත්ත මාවත, කටුගස්තොට, යටිවාවල, ගාලෙවත්ත, කහල්ල, සියඹලාගස්තැන්න, අරුප්පොල, වටපුළුව, මාවිල්මඩ, ලේවැල්ල, මහයියාව, නිත්තවෙල, පිටකන්ද, පූර්ණවත්ත සහ කටුගස්තොට පාර යන ප්‍රදේශවලට එසේ ජල සැපයුම අත්හිටුවන බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය දැනුම්දෙයි.

 



අදහස් (0)

මහනුවර පැත්තකට හෙට වතුර කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 105 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 908 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site