මූල්‍ය අරමුදල ජනපති හමුවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. 06 February 2025
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 06 February 2025
ලසන්තගේ දියණියගෙන් අගමැතිට ලිපියක් සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තේදී නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවට ඉල්ලමින් ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට ලිපියක් යොමුකර ඇත. 06 February 2025
ජනපති නීතිපති කැඳවයි ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් පොලිස් නිලධාරීන් කැඳවනු ලැබ ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 February 2025
ගිරිඋල්ල පොලිසියේ ලොක්කෝ දෙකක් රිමාන්ඩ් දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු යූ.බී. කුළතුංග මහතා නියම කළේය. 06 February 2025
11 දහසේ අල්ලසට 28 වසරක් හිරගෙට මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකුට වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා රුපියල් 31,000/-ක දඩයක්ද නියම කළේය. 06 February 2025
අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 February 2025
මහාචාර්ය නීලිකාට ජාත්‍යන්තර තනතුරක් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය. 06 February 2025
විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් අගෝස්තු 25 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 06 February 2025
මන්නාරම සුළං විදුලි බලාගාරය හේලීස් ෆෙන්ටන් සමාගමට මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. 06 February 2025
ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් මාකස් පෙටර්සන් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය. 06 February 2025
අණ නොතැකූ වැලි ට්‍රැක්ටරයට වෙඩි යාපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) අත්අඩංගුවට ගත් බවට යපනය පොලීසිය පැවසීය. 06 February 2025
‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 06 February 2025
වැඩ වර්ජන නැතුව සෞඛ්‍ය සේවය හදමු වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ගොඩනැගීම සඳහා අත්වැල් බැදගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත නලින්ද ජයතිස්ස මහතා වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කළේය. 06 February 2025
දුම්රිය හයක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් 10 දා සිට ඉවතට ලබන මාර්තු 10 දා සිට කොළඹ කොටුව _බදුල්ල , බදුල්ල _ කොටුව හා කොටුව _ තලෙයිමන්නාරම, තලෙයිමන්නාරම කොටුව අතර ධාවනය කෙරෙන දුම්රියවල තුන් වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 06 February 2025
වී මිල නියම කිරීමෙන් ගොවියා තවත් අසරණ වෙලා රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණි ගොවියකු අනුරාධපුර පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිටට පැමිණ, අද (6) සත්‍යග්‍රහයක නිරත විය. 06 February 2025
පොලිසියට ’’චන්ඩි පාට්’’ දැමූ කතුන් තිදෙනා අත් අඩංගුවට අලවතුගොඩ ,රතුකොහොදීගල දීගල ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් ඔහු පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට තුවාල සිදුකිරීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 06 February 2025
ආනයනික ලුණු අද සිට වෙළෙඳ පොළේ ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු අද (6) සිට වෙළෙඳ පොළේ අළෙවි කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම සදහන් කරයි. 06 February 2025
විශේෂඥ වෙදැදුරන්ට අයවැයෙන් සහනයක් සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2800ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ දෙදහසක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 February 2025
මහ පාරේ බස් යුද්දේ හයිලෙවල් මාර්ගයේ කොළඹ කොටුව සිට හෝමගම දෙසට ධාවනය වූ හෝමගම - පිටකොටුව බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් ඉංගිරිය - පිටකොටුව බස් රථයක රියදුරුට සහ බස් රථයට පහර දීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි 06 February 2025
’’විපක්ෂ නායක වචනයක් ඉල්ලා අස් අස්කර ගනියි’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී කී වචනයක් පසුව ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඉල්ලා අස්කර ගත්තේය. 06 February 2025
හොරෙන් ගෙනා පක්ෂින් -ඖෂධ සමඟ තුනක් දැලේ ඉන්දියාවේ සිට මුහුදු මර්ගයෙන් තලෙයිමන්නාරමට නීතිවිරෝධීව රහසින් රැගෙන එන ලද විවිධ වර්ගයේ පක්ෂීන්, සතුන් සහ විවිධ වර්ගයේ ඖෂධ තොගයක් සමගින් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පැවසීය. 06 February 2025
නිවසේ සිටි කත ගෙල කපා ගිනි තබා මරලා රාගම, තලගොල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක ගෙල කැපීමෙන් අනතුරුව ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය පවසයි . 06 February 2025
වැරදුණු කුරුමානමේ වෙඩික්කරු කොටුවෙයි කොස්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 9 සමග ඊයේ(5) අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි. 06 February 2025
අද කාලගුණය ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 February 2025
සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 February 2025
සුජීවට කෝටි 25ක් ගෙවන්න හිටපු ඇමැති සී.බීට නියෝගයක් ‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මෙනවිය ඔහුට රුපියල් කෝටි 25ක වන්දියක් ගෙවීමට හිටපු ඇමති සී.බී. රත්නායක මහතාට අද නියම කළාය. 05 February 2025
රාජ්‍ය සේවා නීති රීති සරල කරයි රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 February 2025
මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 February 2025
සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 05 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025