‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 06 February 2025
වැඩ වර්ජන නැතුව සෞඛ්‍ය සේවය හදමු වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ගොඩනැගීම සඳහා අත්වැල් බැදගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත නලින්ද ජයතිස්ස මහතා වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කළේය. 06 February 2025
දුම්රිය හයක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් 10 දා සිට ඉවතට ලබන මාර්තු 10 දා සිට කොළඹ කොටුව _බදුල්ල , බදුල්ල _ කොටුව හා කොටුව _ තලෙයිමන්නාරම, තලෙයිමන්නාරම කොටුව අතර ධාවනය කෙරෙන දුම්රියවල තුන් වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 06 February 2025
වී මිල නියම කිරීමෙන් ගොවියා තවත් අසරණ වෙලා රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණි ගොවියකු අනුරාධපුර පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිටට පැමිණ, අද (6) සත්‍යග්‍රහයක නිරත විය. 06 February 2025
පොලිසියට ’’චන්ඩි පාට්’’ දැමූ කතුන් තිදෙනා අත් අඩංගුවට අලවතුගොඩ ,රතුකොහොදීගල දීගල ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් ඔහු පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට තුවාල සිදුකිරීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 06 February 2025
ආනයනික ලුණු අද සිට වෙළෙඳ පොළේ ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු අද (6) සිට වෙළෙඳ පොළේ අළෙවි කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම සදහන් කරයි. 06 February 2025
විශේෂඥ වෙදැදුරන්ට අයවැයෙන් සහනයක් සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2800ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ දෙදහසක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 February 2025
මහ පාරේ බස් යුද්දේ හයිලෙවල් මාර්ගයේ කොළඹ කොටුව සිට හෝමගම දෙසට ධාවනය වූ හෝමගම - පිටකොටුව බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් ඉංගිරිය - පිටකොටුව බස් රථයක රියදුරුට සහ බස් රථයට පහර දීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි 06 February 2025
’’විපක්ෂ නායක වචනයක් ඉල්ලා අස් අස්කර ගනියි’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී කී වචනයක් පසුව ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඉල්ලා අස්කර ගත්තේය. 06 February 2025
හොරෙන් ගෙනා පක්ෂින් -ඖෂධ සමඟ තුනක් දැලේ ඉන්දියාවේ සිට මුහුදු මර්ගයෙන් තලෙයිමන්නාරමට නීතිවිරෝධීව රහසින් රැගෙන එන ලද විවිධ වර්ගයේ පක්ෂීන්, සතුන් සහ විවිධ වර්ගයේ ඖෂධ තොගයක් සමගින් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පැවසීය. 06 February 2025
නිවසේ සිටි කත ගෙල කපා ගිනි තබා මරලා රාගම, තලගොල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක ගෙල කැපීමෙන් අනතුරුව ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය පවසයි . 06 February 2025
වැරදුණු කුරුමානමේ වෙඩික්කරු කොටුවෙයි කොස්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 9 සමග ඊයේ(5) අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි. 06 February 2025
අද කාලගුණය ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 February 2025
සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 February 2025
සුජීවට කෝටි 25ක් ගෙවන්න හිටපු ඇමැති සී.බීට නියෝගයක් ‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මෙනවිය ඔහුට රුපියල් කෝටි 25ක වන්දියක් ගෙවීමට හිටපු ඇමති සී.බී. රත්නායක මහතාට අද නියම කළාය. 05 February 2025
රාජ්‍ය සේවා නීති රීති සරල කරයි රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 February 2025
මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 February 2025
සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 05 February 2025
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි හිටපු යුද හමුදා සෙබළෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීම සදහා ව්‍යාජ ලේඛන සන්තකයේ තබාගෙන සිටියදී ඊයේ (4) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 05 February 2025
මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය කඩ කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ. 05 February 2025
විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැනන අල්ලන ලෙස නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය. 05 February 2025
නාමල් රාජපක්ෂට සිතාසි රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු අමාත්‍යවරයකු වන පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද සිතාසි නිකුත් කළේය. 05 February 2025
අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැවැත්වීය. 05 February 2025
ලුණු මිල වැඩි වෙයි ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ. 05 February 2025
වී ගන්න කෝටි 500ක් වෙන්කරයි වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (5) පැවසීය. 05 February 2025
’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’ ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා අද (5) පස්වරුවේ පැවසීය. 05 February 2025
’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’ ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 February 2025
’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’ ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 05 February 2025
ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 05 February 2025
ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025