
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යම් කෙටි කලක් සඳහා කීරි සම්බා ආදේශන සහල් ආනයනය කරන්න වුනොත් එය කරන්නට සිදු වෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රටේ සියයට 18 ක් විතර පරිභෝජනයට ගන්නේ කීරි සම්බා. නමුත් නිෂ්පාදනයේ තියෙන්නේ සියයට 15ක් විතරයි. සීයට හතරක විතර හිඟයක් තිබෙනවා. ඒ වෙළඳපොළ හිඟය පාවිච්චි කර මහ මෝල් හිමියන් විසින් යම් පාලනයක් මිල වැඩි කිරීමක් කරන්න හදනවා. එම වී වගා කිරීම වැඩි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය උපදෙස් දී තිබෙනවා යනුවෙන්ද වසන්ත සමරසිං මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීරි සම්බා වැනි සුදු සහල් වර්ග වෙනුවට පෝෂණය අතින් ඉහළ රතු කැකුලු සහ වෙනත් දේශීය සහල් නිෂ්පාදනයටත්, පරිභෝජනයටත් වහා අවධානය යොමු කළ යුතුයි. එය මෙරට ජනතාව තව තවත් දියවැඩියා රෝගයට ගොදුරු වීම වැලැක්වීමටත්, ඔවුන්ගේ සමස්ත පෝෂණ තත්ත්වය වර්ධනය කර ගැනීමටත් ආධාර වනු ඇත. රතු සහල් වර්ගවලට ඇමරිකාවේ පවා ඉල්ලුමක් තිබේ. දැනට ඇමරිකාවට වැඩියෙන්ම රතු සහල් ආනයනය කෙරෙන්නේ භූතානයෙනි.
සම්පූර්ණ බලය එක්ක අවුරුද්දක් පාලනය කරලා, කන්න දෙකක් වගා කරලත් බැරි නම් බැහැම තමයි. පොරොන්දු වුනේ නම් පැය 24න් වැඩ කරලා පෙන්වනවා කියලා. දැන් තර්ජනය කරනවා ඔබලා මට්ටු කරන්න අපි හාල් රටින් ගෙනෙනවා කියලා. ඔන්න කරපු වැඩ!
නිකන් කියව කියව ඉන්නේ නැතුව ඕඩර් කරන්න. ලංකාවේ කීරි සම්බා හංගලා...
පිටරටින් ගෙන්වන පොන්නි කීරි සම්බා අපේ කීරි සම්බා වලට ආදේශකයක් නෙවෙයි. ඒක මහ ජරාවක්. කයිවාරු ගහපු විදිහට අපේ රටේ හාල් අපිට දීපන් හාල් නැතුවා නොවෙයි... තියෙනවා. කීරි සම්බා පාලන මිල වැඩි කරලා බලපන්. ඔබලා නෑ කියන හාල් ඩඩ්ලිලා එළියට දාන හැටි එතකොට බලන්න පුළුවන්... මේවා උඹලා ඩඩ්ලිලාට ඕනේ විදිහට ගහන ගේම් කියලා ජනතාව දන්නවා...
රටින් හාල් ගෙන්න ආන්ඩු මොකටද
නිමෝදි කියන දෙයක් තමයි වෙන්නේ.
රටින් හාල් ගෙන්වනවා කිව්වාම බයියන්ට මල පනිනවා, ඒ තෙල් පෝලිම් ගෑස් පෝලිම් හො කිරි පිටි පෝලිම් නැති රටේ හාල් පෝලිමක් වත් බලාගන්න තියෙන අවිහිංසක බයි ආසාව නිසා වෙන්න ඇති.