
(යොහාන් භාසුර)
නව මෝටර් රථ 49,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සැප්තැම්බර් මස ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පැවසීය.
සැප්තැම්බර් මස ලියාපදිංචි කළ මෝටර් රථ 48,957 මෙම වසරේ මාසයක් තුළ ලියාපදිංචි කළ වැඩිම නව මෝටර් රථ සංඛ්‍යාව බවත් මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා මාස නවයක කාලය තුළ නව මෝටර් රථ 220,538ක් ලියාපදිංචි කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
සැප්තැම්බර් මාසය තුළ පමණක් යතුරුපැදි 32,845ක් ලියාපදිංචි කර ඇති අතර පසුගිය මාස 9 තුළ යතුරුපැදි 160,590ක් ලියාපදිංචි කර ඇති බවත් මෙම වසරේ පළමු මාස නවය තුළ කාර් රථ 37,115ක් සහ ත්‍රීරෝද රථ 8,820 ක් ලියාපදිංචි කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ගෙන්වන එක පාලනය නොකළොත් නම් රටේ ආර්ථිකය ඉවරයි. වාහන ගෙන්වන්නෙත්, ඒ වාහනවලට ගහන්න ඉන්ධන ගෙන්වන්නෙත් රටේ ඩොලර් සංචිතය වියදම් කරලා. 2028 දී ණය ගෙවන්න පටන් ගන්නකොට තිබිය යුතු ඩොලර් සංචිත ප්‍රමාණය ලබා ගැනීම අද ලොකු අභියෝගයක් වෙලා. මාසෙට අළුතෙන් වාහන 49,000 ක් පාරට දැම්මාට පාරවල්වල පළල වැඩිවෙලා නෑ. වාහන තදබදය, ඒ නිසා නාස්තිවෙන කාලය, ඉන්ධන ප්‍රමාණය සහ පරිසර දූෂණය, එයින් හැදෙන ලෙඩ රෝග වැනි අතුරු හානි ගැන තක්සේරුවක් නෑ.
විදේශ ශ්‍රමිකයෝ බිලියන 7 ක් එව්වාට සැප ගන්නේ වෙන අය. ඒ වාහන වලට අවශ්‍ය වැඩිපුර ඉන්ධන ආනයනය කරලා... ඒ පාඩුවත් අවසානයේ වැඩි වෙන්නෙ සමස්ත පොදු ජනතාවගේ බස් ගාස්තුයි, ලයිට් බිලයි, අත්‍යාවශ්‍ය බඩු මිලයි තමයි. ඕක තමයි තිත්ත ඇත්ත...