
(අංජුල මහික වීරරත්න)
හියුමන් ඇල් බියුමින් සොලූෂන් බීපී/ යූඑස්පී/ පීඑච්/ ඊයූආර් 20% මිලිලීටර 50 බෝතල් 400,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අඩු රුධිර පරිමාව (hypovolemia) හා රුධිරයේ අඩු ඇල්බියුමින් මට්ටමට සහ වකුගඩු අකර්මණ්‍ය වූ හා අක්මා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ඉහත සඳහන් එන්නත් මිලිලීටර 50 බෝතල් 400,000 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ.
ඒ අනුව ලැබී ඇති ලංසු 03 සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු ස්විට්සර්ලන්තයේ PHARMACEUTICALS INTERNATIONAL AG (Part of Takeda Pharmaceutical TAKEDA Company Limited) (Manufacturer TAKEDA Manufacturing Austria AG, Austria) වෙත මුළු පිරිවැය ඇමෙරිකා ඩොලර් මිලියන 9.16 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් වකුගඩුවලට ප්‍රතිකාර කරන රෝගියෙක්...මේ කරගෙ න යන වැඩ පිලිවෙල...100/200%ක් හොදයි
හොද ක්‍රියාවක්....අද ගොඩක්ම අක්මා රෝගීන් ඉන්නේ... එයාලාට මේ වගේ බෙහෙත් ගෙන්නලා දෙන එක හොද වැඩක්... කවුරුත් කැමැති ජීවත් වෙන්නනේ..