(අංජුල මහික වීරරත්න)

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දිස්ත්‍රික්ක තුනකදී සෙනසුරාදා (11) සහ ඉරිදා(12) පැවැත්වේ.

 රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ  සම්මුඛ පරීක්ෂණ රත්නපුර හෙද විදුහලේ දී 11 වැනිදා ද ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 1 සහ 12 දිනවල මඩකලපුව හෙද විදුහලේ දී සහ අම්පාර දිස්ත්‍රිකයට අදාල සම්මුඛ පරීක්ෂණ අම්පාර හෙද විදුහලේ දී ද පැවැත්වේ. 

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම් දීම් සිදු කළ  පුද්ගලයින් පමණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.