
(අංජුල මහික වීරරත්න)
නවක හෙද හෙදියන් 294 දෙනකු සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමට රජය තීරණය කර ඇත.
එම පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ පළමු මහලේ ශ්‍රවණාගාරයේ දී අද(10) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම වාග් චිකිත්සක නිලධාරීන් 9 දෙනෙකු සහ ඖෂධවේදීන් 6 දෙනෙකු ද සෞඛ්‍ය සේවවාට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ද මෙහි දී ප්‍රදානය කිරීමට නියමිතය.
තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබන මෙම නවක හෙද නිලධාරීන් 2019 සිසු හෙද කණ්ඩායම යටතේ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් වේ.
වාග් චිකිත්සක නිලධාරීන් මෙරට පිළිගත් විශ්ව විද්‍යාලයක කතන හා භාෂා චිකිත්සක විශේෂවේදී උපාධිය සම්පූර්ණ කර ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ලද විභාගය සමත් වී අවශ්‍යවන සියලු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන් වේ.
ඖෂධවේදීන් ලෙස පත්වීම් ලබන මෙම නිලධාරීන් වසර දෙකක ඖෂධවේදී ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන ලද හා අවශ්‍යවන අනෙකුත් සියළු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන්ය.
මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද නිලධාරීන් 43500 කට ආසන්න ප්‍රමාණයක් ද, වාග් චිකිත්සක නිලධාරීන් 100 කට ආසන්න ප්‍රමාණයක් ද, ඖෂධවේදීන් 2000 කට ආසන්න ප්‍රමාණයක්ද මෙරට ජනතාව සුවපත් කිරීමට දායකත්වය සපයනු ලබයි.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවක හෙද හෙදියෝ 294 ක් පත් වෙති