
(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ කහගොල්ල වත්ත තේ කර්මාන්ත ශාලාව වසා දැමීමට ගෙන තිබෙන බව කියන තීරණයට විරෝධය පා කහගොල්ල වත්තේ කම්කරුවන් විශාල පිරිසක් අද (09) දහවල් හපුතලේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට කහගොල්ල ප්‍රදේශයේදී පැමිණ දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
කහගොල්ල තේ කර්මාන්තශාලාව වසා දමා එය බෝවවත්ත තේ කර්මාන්ත ශාලාවට සම්බන්ධ කිරීමට ගෙන ඇති තීරණයට මෙසේ කම්කරුවෝ විරෝධය පෑහ.
මෙම වතුකම්කරුවන් පවසා සිටියේ මේ තීරණය හේතුවෙන් ඔවුන්ගේ රැකියා හා සියළු දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩ පණ වන බවයි. මේ පිළිබඳව වගකිවයුත්තන් විශේෂ අවධානය යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd