
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම (09) දා අද පැවති අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් එක්ව රජය ගෙන ගෙන ඒමට නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නගර සභාව ඉදිරි පිට උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නියැලිණි.
එහිදී සමරසි නීතිය අපිට එපා, සමරිසි නෙවෙයි එන්.පී.පී .රිසි , ගුරුවරයා දංගෙට ගෝලයා අපායට , සමලිංගික පාරාදීශයකට ආරාධනා කිරීම ලැජ්ජයි, රට දිනවන එන්.පී.පී වැඩ පිළිවෙල සම ලිංගික පාරාදීසයක්ද යනුවන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ. පසුව ඔවුන් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් මහා සභා රැස්වීම පැවති සභා රැස්වීමට සහභාගි වුණි.
මෙම අවස්ථාවට සර්ව ජන බල පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , සමග ජනන බලවේගය, එක්සත් ජාතික පක්ෂය , ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු සහය දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්. ගන්න පඩියට මොනවහරි කරනව කියල පෙන්නන්නත් ඕන. හොරු, මිනීමරුවෝ, අයිස්කාරයෝ කියන දේවල් කරන්නත් ඕන.
ඔය ඔතන බෝඩ් උස්සන් ඉන්න උන් අස්සෙත් ඇති සමරිසියෝ ඔය රටට පෙන්න බොරුවට මොකක් හරි උස්සගෙන කෑ ගැහුවට.
මාලිමාවේ සමරිසි ඩෝබිලා කේන්තියට මේකේ කමෙන්ට් දාලා. අපි ඕවාට සැලෙන්නේ නෑ. ඕවායෙන් ආණ්ඩුවේ සමරිසි රටක් බිහි කිරීමේ උත්සාහය දිනවන්නත් බෑ...