
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය පිළිබඳව කාර්යමණ්ඩල එකඟත්වයකට පැමිණි බව එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් එවන් පැප ජෝජියෝ මහතා අද (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු පසු මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347 මුදලක් සයවෙනි වාරිකය ලෙස ලැබෙනු ඇති බවද ඔහු පැවසුවේය.
නමුත් පස්වෙනි සමාලෝචනයට විධායක කමිටුව අනුමැතිය ලැබීමට නම් ශ්‍රී ලංකාව එක් පූර්ව ක්‍රියාවක් සම්පූර්ණ කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඒ පූර්ව ක්‍රියාව...? එළි කරන්න කැමැති නැද්ද? ඒක අපට දැනගන්න අවශ්‍යයි...