පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය. 19 April 2025
දළදා වඳින්න අද මහ සෙනඟක් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ. 19 April 2025
එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 19 April 2025
හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථවාහන ධාවනයට බාධා සිදු වූ බව හාලිඇල පොලිසිය පවසයි. 19 April 2025
දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි අංශයේ 1000ක් මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි. 19 April 2025
අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක් යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත. 19 April 2025
තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය. 19 April 2025
ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය. 19 April 2025
කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 19 April 2025
ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 19 April 2025
පුංචි තරුෂි ලක්මව රනින් සරසයි සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වූවාය. 19 April 2025
නව විගණකාධිපති කවුද? තීරණය 22 විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 19 April 2025
මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 19 April 2025
පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි. 19 April 2025
වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 19 April 2025
පළාත් හතරකට දිසා දෙකකට අදත් තද වැසි සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 April 2025
මනම්පිටිය දේවස්ථාන වෙඩිල්ලේ තොරතුරු එළියට පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වැනිදා රාත්‍රී වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයකු බෙහෙත් කොටන නීති විරෝධී තුවක්කුවක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 19 April 2025
මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක් මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. 18 April 2025
පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 18 April 2025
මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 18 April 2025
දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක් ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 18 April 2025
සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය. 18 April 2025
මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙවිසැල්වලට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 18 April 2025
දක්ෂිණ අධිවේගියේ ලොරියක් පෙරළී දැඩි රථවාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 කිම්මං තුඩාව ප්‍රදේශයේදී ලොරියක් පෙරළී යාමෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම ඇහිරි කිලෝමීටර් හතරකට අධික දුරක් දැඩි රථවාහන තදබදයක් ඇති විය 18 April 2025
මහනුවරට විශේෂ සුරාබදු කණ්ඩායම් රැසක් ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායම් කීපයක් යෙදවූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසීය. 18 April 2025
ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණයට විශාල මුදලක් වැය වෙනවා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව මුද්‍රණය කිරීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් අතිරේක මුදලක් වැයකිරීමට සිදුව ඇති බවත් රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය. 18 April 2025
පොලිස් ඇමතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. 18 April 2025
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 27 වැනිදා පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය. 18 April 2025
ආසියා රග්බි සම්මේලන ලොක්කා ක්‍රීඩා ඇමති හමුවෙයි ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 18 April 2025
ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය 18 April 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026